ශ්රීමතී විජේරත්න –
අද (13) උදේ අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් සැමියා සහ බිරිය එම ස්ථානයේදීම මිය යෑම පිලිබඳ ශෝක ජනක පුවත වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ අංක 42/01/A,කොච්චිවත්ත ,වැලිවේරිය .ලිපිනයේ පදිංචි ලේකම්ගේ දොන් අජිත් ප්රියන්ත ( 57 ) නැමැති මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ රියදුරෙක් සහ ඔහුගේ බිරිය ය.
වාහනයේ ගමන් කරමින් සිටි මේ දෙපළගේ දරුවන් දෙදෙනාගෙන් පුතා බරපතල තුවාල සහිතව මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ගනිමින් ඇත. දියණිය අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද උදෑසන 8.30ට පමණ මෙම පවුල රැගත් වාහනය කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටිය දී රියදුරුට නින්ද යෑම නිසා කැත්තෑපහුව කුඹුක් සිසිල හෝටලය අසල දී මාර්ග රේඛාවෙන් වම් පස මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.
පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.









