අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසමේ දී මොකද වුනේ… ඇමති කළ හරිය විදුලි ඉංජිනේරුවෝ හෙළි කරති…

හැම තීරණයක්ම වෙනස් උනේ රැස්වීම ඉවරවෙලා ගියාට පස්සෙ...

by editor
ජනවාරි 29, 2023
in පුවත්
power=cut
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු – 

විභාගය පැවැත්වෙන දින වකවානුවල අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට ඇති වී තිබෙන ප්‍රශ්නය විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ අත්තනෝමතික අනම්‍ය හැසිරීම හේතුවෙන් ඇතිවූවක් බවත් බෝම්බ ගසා මිනී මරා මළ මිනීඋඩින් බලයට පැමිණි ජඩ දේශපාලනයක් සහිත රටක උසස් පෙළ දරුවන්ගේ අනාගතය බිල්ලට දී සිය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කරගැනීමට යෑම ගැන කිසිසේත්ම පුදුම නොවන බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න ලංකාසරට පැවසුවේය.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

මානව හිමිකම් කොමිසම ඉදිරියේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් බලපෑමකට ලක් නොවුණු බවත් විදුලි ඉංජිනේරුවරුන් ලෙස මීට මාස ගණනකට පෙර සිට සියලුම සැලසුම් සකස් කළේ උසස් පෙළ විභාගය කාලය තුළ අඛණ්ඩ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් බවත් ඔහු කියා සිටියේය.

එම තීන්දුව ගැනීමේ අභිලාෂය සහිතව මානව හිමිකම් කොමිසම හමුවට ගිය අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලය ලෙස ඇති කරගත් එකඟතාවය ඉන් පසුව වෙනස් කරනු ලැබුවේ සභාපතිවරයා විසින් බව කී විදුලි ඉංජිනේර සංගමයේ සභාපති නිහාල් වීරරත්න ඒ වෙනස් කිරීම සිදුවන්නේ ඇමතිවරයාගේ බලපෑම හේතුවෙන් බව හෙළි වූ ආකාරය කීවේය.

මේ සම්බන්ධව ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරතන් ලංකාසරට මෙම පැහැදිලි කිරීම කළේය.
“25 දා උදේ වරුවෙ ලංකා විදුලිබල මණ්ඩලයත් මානව හිමිකම් කොමිසමට කැඳවලා තිබුණා. ඒකට අපේ සම්ප්‍රේක්ෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ පද්ධති පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා සහභාගී වුනා. ඔවුන්ට විදුලිබල මණ්ඩලය ලෙස බලය පවරලා තිබුණා ගිහින් ඒ සඳහා කටයුතු කරන්න. තීන්දු ගන්න.“
“එතනදි ප්‍රමුඛ වුනේ ඉන්ධන ප්‍රශ්නයක්. ගැටලුව වෙලා තිබුණේ විදුලි ජනනය සඳහා විදුලිබල මණ්ඩලයට ඉන්ධන නොලැබීම. . ඉන්ධන මිල වැඩි කරලා තිබුණා. ඒ මිල ගෙව්වෙ නැතිනම් ඉන්ධන ලබා දෙන්නෙ නෑ කියන කතාව ඛණිජ තෙල් නීතිග සංස්ථාව කිව්වා. “

“ඉන්ධන තියනවා නම් මේ අහිංසක දරුවො වෙනුවෙන් විදුලිය ජනනය කරලා දෙන්න බලාගාර ඕන තරම් තියනවා. ඒ සඳහා කිසිම ගැටලුවක‍් නෑ. “

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

අඛණ්ඩ විදුලි සැපයුම වෙනුවෙන් කල් තියා ගත් ක්‍රියාමාර්ග

උසස් පෙළ විභාගය කාලය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය යුතුයි කියන වගකීම් සහගත ස්ථාවරයෙ අපි හිටියා. ඒ නිසා අපි කලින්ම ක්‍රියාමාර්ග ගත්තා. ගල් අඟුරු ටික පරක්කුවෙලා ආවත් අපි ඉක්මනට බාගත්තා. විභාගයට කලින් නොරොච්චෝලෙ විදුලි බලාගාරයෙ ජනන යන්ත්‍ර දෙකයි වැඩ කළේ. තුන්වැනි ජනන යන්ත්‍රයත් අපි ඉක්මනට පණ ගැන්නුවා. පණගන්වලා මේ කාල සීමාව ඇතුළෙ අඛණ්ඩ විදුලි ජනනය වෙනුවෙන් කටයුතු කළා.

ඒ අතරෙ තමයි එක්වරම නැප්තා මිල වැඩිකළේ. කිසිම විද්‍යාත්මක හේතුවක් නෑ. ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වැඩිවුනෙත් නෑ. මිල අඩුවීමේ ප්‍රවණතාවයක් තමයි පෙනුනෙ. අනික කලින් ආපු බොරතෙල් නැව පිරිපහදුවෙන් ලැබුණු අතුරු ඵලයක් තමයි මේ නැප්තා ටික. අපි ඇරෙන්න ඒ නැප්තා ටික ගන්න කෙනෙකුත් නෑ. ඒකට මිලක් වැඩි කළා. අපට තේරෙන්නේ නෑ ඇයි මෙහෙම කරන්නෙ කියලා.

අපි අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න සියල්ල සූදානම් කරනකොට ඇමතිවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් හසුරවනවා. එහෙම තත්ත්වයක් යටතේ තමයි අපිව මානව හිමිකම් කොමිසමෙන් කැඳෙව්වෙ.
අපි එතනදි කිව්වෙ අපට සල්ලි නෑ. ණයට හරි තෙල්ටික දුන්නොත් විදුලිය ජනනය කරන්න පුලුවන් කියලා.

සීපීසී එක උදේ රැස්වීමට නෑ…

නමුත් ඒ වෙලාවෙ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒ රැස්වීමට ඇවිත් හිටියේ නෑ. උදේ සාකච්ඡාවට ඇවිත් හිටියෙ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තුන්දෙනක්. අපේ එතන හිටියේ මූල්‍ය කළමණාකාර තුමයි, අතිරේක සාමාන්‍යාධිකාරීතුමයි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමයි. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි හිටියා. ඒ වෙලාවෙ සාකච්ඡාවට හිටියෙ ඒ කණ්ඩායම.

ඒ රැස්වීමෙදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නැතිව තීරණයක් ගන්න බෑ. අපි කිව්වාට තෙල් දෙනවා නම් විදුලිය සපයලා දෙන්නම් කියලා තෙල් දෙන්න කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා මානව හිමිකම් කොමිසම එදින හවස ඛණිජතෙල් නීතිගත සංස්ථාව කැඳවලා තිබුණා. බැංකු වලිනුත් ඇවිත් තිබුණා.

ඒ අවස්ථාවෙ සාකච්ඡා කළාම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියලා තිබුණා මාස දෙකකට ණයට ඉන්ධන නිකුත් කරන්නම් කියලා. එතකොට මානව හිමිකම් කොමිසම සහ මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වෙලා තිබුණා ඒ කටයුත්තට. බැංකුවලින් කියලා තිබුණා ණයක් ලබා දෙන්නම් කියලා ඉන්ධන සැපයීම කරන්න. දැන් මෙතන ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය විසඳිලා තිබුණේ.

නිලධාරීන් තීන්දු අරන් ගියාට පසු  ඇමති කළ හරිය…

එහෙම කියලා නිලධාරීන් ගියාට පස්සේ තමයි මේ තීරණය කරන්නෙ මුදල් ගෙවනතුරු විදුලිය දෙන්න බෑ කියලා. ඒ තීරණය එන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන්. අපිට හෙළිදරවු වෙන විදිහට සභාපතිවරයාට ඒ උපදෙස් දෙන්නෙ ඇමතිවරයා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැන් කියනවා ඉන්ධන දෙන්න බෑ කියලා ණයට. ඒත් ඔවුන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඉන්ධන දෙන්න කැමති වෙලා ගියෙ. ගියාට පස්සෙයි ඔවුන් අකමැති වෙන්නේ. ඒ අමාත්‍යවරයාගේ බලපෑම මත.

මේක තමයි තත්ත්වය. දැන් වැඩේ කෙරෙන්නෙ නෑ. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් අරන්දීලා තියනවා වැඩේ නොකෙරෙන්න.

අමාත්‍යවරයා හදන්නෙ අය ක්‍රමය වැඩි කරන්න ළමයින්ගෙ අනාගතය බිල්ලට තියාගෙන.

මේ රට දේශපාලනය කරන්න බෝම්බ තියලා මිනිස්සු මරපු දේශපාලකයො ඉන්න රටක්. ඒ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුනා කියලා අපි පුදුම වෙන්නෙ නෑ.

කොමිසමට ගිය ලංවිම සාමාජිකයින් අසරණයි

දැන් අපේ සාමාජිකයින් දෙන්න බරපතල පීඩනයක ඉන්නේ. ඔවුන් එක් පැත්තකින් මහජන උපයෝගීතා කොමිසමේ සහ මානව හිමිකම් කොමිසමේ පීඩනයට ලක් වෙනවා. අනෙක් පැත්තෙන් අපේ කළමනාකාරීත්වයේ පීඩනයට තෙරපෙනවා.

මේ සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය ලෙස අපි නිදහසට කාරනා අහන්නයි ඉන්නේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් සහ සභාපතිවරයාගෙන් . පැහැදිලිව අපේ නිලධාරීන් ගියෙ බලතල පැවරුවට පස්සේ. මානව හිමිකම් කොමිසමට යන්න බෑ බලතල නැතිව. එහෙම තැනකට යන්නේ තීරණයක් දෙන්න. පඹයො වගේ ඉන්න බෑ අපිට තීරණයක් දෙන්න පුලුවන් කමක් නැතිව.

අතිරේක සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරීවරයාට පමණයි දෙවැනි වන්නේ. ඔවුන් සැදී පැහැදී ගියේ අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීමේ තීන්දුව ගන්න. නැවත ඒ තීරණය අනික්පැත්තට හරවනවා දේශපාලන බල අධිකාරිය විසින්.
අප මේ රට දුවන්නෙ කොතෙන්ට ද කියලා හිතාගන්න වේවි.

ඉංජිනේරු සංගමය විදිහට අපි පැහැදිලිවම කියන්නෙ මේකයි… කිසිම විවාදයක් නෑ….  මේ දරුවන්ට විදුලිය දෙන්න අපි  බැඳී සිටිනවාමයි. ඒකෙ කිසිම වෙනසක් නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවීන නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි සැරියෙන් සමුගනී!

Next Post

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර නවතී!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.