සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාදුරු ඔය- වස්ගමුව අලි කොරිඩෝව අවහිර කරමින් වගාකරන දේශපාලන හෙංචයියන්ගේ සියලුම වගා මාස 03න් ඉවතට…

by editor
දෙසැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • මේ කන්නයේ ගොයම් කපාගත් පසු අලි කොරිඩෝවේ වගා කළ කුඹුරු සියල්ල යළි පවරා ගනී! අලි කොරිඩෝව යළි නිදහස් කරන බව නියෝජ්‍ය ඇමති සහතික වෙයි…

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට වස්ගමූව ජාතික වනෝද්‍යානය දක්වා පසුගිය කාලයේ දේශපාලනඥයින් ඡන්ද අපේක්ෂාවෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ට අලි ගමන් කරන මාර්ගයේ, වගා කිරීමට ලබාදී තිබෙන කුඹුරු මෙන්ම වගාවන් වහාම ඉවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යයන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානය දක්වා දිවෙන අලි කොරිඩෝව අලින් වෙනුවෙන් නිදහස් කරන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පවසයි.

ඉන් අපේක්ෂා කරන්නේ මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අතර වන අලින්ට බාධාවකින් තොරව සංචරණය කිරීමේ අවස්ථාව ලබා දීම බව ද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

ඊයේ  (2)  සිරිපුර පල්ලේගම ප්‍රජා ශාලාවේදී පැවැති රැස්වීමේදී ඔහු පැවසුවේ මෙම කන්නයේ වගාකර ඇති කුඹුරුවල වී අස්වනු නෙලීමෙන් අනතුරුව දිඹුලාගල හුංගමාල ඔය හරහා තිබූ අලි කොරිඩෝව වන අලින් වෙනුවෙන් නිදහස් කරන බවය.

පසුගිය රජයන් විසින් දේශපාලන උවමනාව මත ලබා දී ඇති ඉඩම්වල පැවරීම් මාස තුනක් ඇතුළත අවලංගු කර වන අලින්ගේ ආරක්‍ෂාව සහතික කර උන්ගේ සංචරණ අවශ්‍යතා සපුරන අතරම අලි වැට ශක්තිමත් කරන බව ද ඇමතිවරයා කීවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් කිහිපදෙනෙකු පෙන්වා දුන්නේ මාදුරුඔය සිට වස්ගමූව ජාතික වනෝද්‍යානය දක්වා තිබූ අලි කොරිඩෝව නිදහස් කරන්නේ නම් සිදුවන හානි විශාල වශයෙන් අඩුකර ගත හැකි බවය.

ගොවින් කරන ලද එම ඉල්ලීමට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා හුංගමාල ඔය අලි කොරඩෝව තුළ වගාකර ඇති අනවසර වගා කිරීම් නිරීක්ෂණය කළේය. මාස තුනක් ඇතුළත අනවසර වගාකරුවන් ඉවත් කර, වන අලින්ගේ ගමන් මාර්ගය යළි සැකසීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට ඇමතිවරයා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළවෙනි මැච් එක පූජා කළා… දෙවැනි මැච් එකේ කොඳු කැඩෙන්න කෑවා… මැච් ලකුණු 45කින් පරාදයි… තරගයක් ඉතිරි වී තිබෙද්දී තරගාවලියම පරාදයි!

Next Post

අලුත් නාවික හමුදාපති කවුද මේ රියර් අද්මිරාල් කාංචන බානගොඩ…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.