මාතර වෙරළ පාරේ පිහිටි මාතර දිසා විනිසුරුවරයාගේ නිවසේ මුර රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු වෙඩි වැදීමකින් මිය ගියගොස් සිටිය දී අද (28) පෙරවරුවේ මාතර පොලීසිය විසින් සොයා ගනු ලැබුවේය.
වෙඩි වැදී මියගොස් තිබුනේ බන්දුල පුෂපකුමාර (55) නැමැති සැරයන් වරයෙකි. මෙම සැරයන්වරයා සමග රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් ද සිට තිබේ.
දැනට වාර්තා වන ආකාරයට මෙම සිද්ධිය සිය දිවි නසා ගැනීමක් බවත්, උදෑසන සිය බිරියටත් කතා කර කිසිම වෙනසක් පෙන්වා සිට ඊට සුළු මොහොතකට පෙර, එනම් උදෑසන 5.30ට පමණ සිය රාජකාරි ගිනි අවිහෙන් සිය දිවි නසාගෙන ඇති බවටත් මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.
මූලික විමර්ශනවලදී එම ස්ථානයේ තිබී හිස් කාට්රිජ් දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිිසිය පවසයි.