ගැඹුරු මුහුද මැද දී බරපතල ඛේදවාචකයකට මුහුණ දුන් ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාව ධීවර මළ සිරුරු 04ක් ද සමග අද උදෑසන තංගල්ල ධීවර වරායට පැමිණියේය.
මළ ගෙකයක අඳෝනා සහිතව යාත්‍රාව තංගල්ල වරායට ලඟා වුව ද මහෙස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් කළේය.
මුහුදේ පාවී පැමිණි විදේශ මත් පැන් බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් 06 දෙනාගෙන් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත් විය. එක් තරුණ ධීවර කාර්මිකයෙක් පමණක් දිවි ගලවා ගත්තේය. ඔහු මේ වනවිට තංල්ල මහරෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත. වෙළෙඳ නැවක් මගින් එම ධීවරයාත් තවත් ධීවරයෙකුත් මුදවා ගත් අතර වෙළෙඳ නෞකාව භාරයට පත් පසු ඉන් එක් ධීවරයෙක් මරණයට පත් විය.
ධීවරයින් මුදවා ගැනීමට ගිය නාවික නෞකා විජයබාහු විසින් ජීවතුන් අතර සිටින ධීවරයාත් වෙළෙඳ නෞකාව භාරයේ දී මිය ගිය ධීවරයාගේ සිරුරත් ගොඩබිමට රැගෙන ආවේය.
කාර්මික දෝෂයකට ලක්ව තිබූ ඩෙවොන් 05 යාත්‍රාව වෙනත් ධීවර යාත්‍රාවක් ආධාරයෛන් ගොඩබිමට ඇදගෙන පැමිණ තිබිණි.







