දිනසේන රතුගමගේ –
යාපනයේ සිට නාගදීපය දක්වා යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් තුළ කාන්තාවක් විසින් ඊයේ ( 18 ) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.
යාපනයේ පදිංචි මෙම කාන්තාව නාගදීපය බලා ගමන් කරමින් සිටියදී ප්‍රසව වේදනාවක් හට ගෙන අති අතර ඒ බව බෝට්ටුකරුට දැණුම් දීමෙන් පසුව බෝට්ටුකරු වහාම වෙනත් බෝට්ටුවක් මුහුද මැදට කැඳවා ගෙන ඇතත් කාන්තාව ඒ අවස්ථාවේදී ඇය ගමන් කරමින් සිටි බෝට්ටුවේම පිරිමි දරුවකු ප්‍රසූත කොට ඇත.
බෝට්ටුවේ සිටි කාන්තාවන් ඇය හා බිළිඳා පසුව පැමිණි බෝට්ටුව වෙත මාරු කොට යාපනය ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබේ.
මේ වන විට මව හා දරුවා මනා ශරීර සෞඛ්‍යයෙන් සිටින බව යාපනය ශික්ෂණ ආරංචි මාර්ග සනාථ කරයි.
මෙවැනි හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස උතුරු පළාත් සභාවේ වියදමින් මීට වසර කීපයකට පෙර බෝට්ටු ගිලන් රථයක් සේවයට එක් කොට තිබූ නමුත් මේ වන විට එම බෝට්ටු ගිලන් රථය අබලන් වීම නිසා එම සේවාව නතර වී තිබේ.







