සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී… හැමෝටම දළදා පිහිට පතයි!

by editor
නොවැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික් ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බව මෙවර පැවති මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බැවින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 

ඔහු මාධ්‍ය අමතමින් කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

” පුරා දශක හතක් අලුත්ගමගේ පරපුර කළ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බවට පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව තීන්දු කළා.

ඉන් දශක තුනකට වැඩි කාලයක් නාවලපිටිය ප්‍රමුඛ කරගෙන සමස්ථ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම ශක්තිම මම මේ ප්‍රදේශයේ ජනතාවට ඔප්පු කරලා පෙන්වලා තියනවා. මට මතකයි මම දේශපාලනය පටන් ගන්නකොට නාවලපිටිය කුරුඳුවත්ත තිබුණෙ කොහොමද කියලා. ඒ වගේම සමස්ථ මහනුවර නගරය තිබුණෙ කොහොමද කියලා.

මා විශ්වාස කරනවා මගේ දශක තුන හමාරක කාලය තුළ නාවලපිටිය ප්‍රමුඛ කරගත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම සේවාව මම කළා කියලා.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

1993 පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනය පටන් ගත් මට පළමුවෙන්ම මහනුවර ජනතාව මට ලබා දුන්නේ මනාප 13,000යි. 13,000ක් මනාප ලබා දුන්න මට අවසානයේ මනාප ඡන්ද එක් ලක්ෂ හැට දහස දක්වා ගෙනයන්න මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කළා. ඒ මැතිවරණ කාලයේ දි මට විවිධ අවලාද විවිධ චෝදනා එල්ල කළා. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මාව ගෙනිහිල්ලා මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළම තැන තිබ්බා.

නමුත් මේ මැතිවරණයේ දී ජනතාව වෙනත් තීන්දුවකට එළඹුනා. ඒ නිසා මම තීරණය කළා. මම මගේ දේශපාලන ජීවිතයෙ හැමදාම ජනතාවගේ තීන්දුවට හිස නමපු කෙනෙක්. ජනතාව මගෙත් එක්ක ඉන්නතාක්කල් මම දේශපාලනය කරනවා කියලා මතයක් දරපු කෙනෙක්.

ඒ නිසා මේ මැතිවරණයේ දි තීන්දු කළා ජනතාවගේ තීන්දුවට හිස නමලා දේශපාලනයෙන් සමුගන්න. ඒ නිසා මෙතෙක් මාව දේශපාලනයට ගෙනාපු මගෙත් එක්ක හිටගත්ත, මට හයියක් දුන්න හැම කෙනාටම මගේ පෞද්ගලික ස්තුතිය පිරි නමමින් ඔබ සියලු දෙනාට දළදා සමිඳු පිහිට පතිමින් මම නවතිනවා.” මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.

ඉන් පසුව ඔහු හමුවීමට පැමිණ සිටි පාක්ෂිකයන්ට ආචාර කරමින් පිටවි ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට කුජීත කළ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය…

Next Post

පොහොට්ටුවේ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නාමල්ට …

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.