ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ගංවතුර බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. .
ගංවතුර තත්වයත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් මෙලෙස එම ප්‍රදේශ වල විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ලේකම් සුලක්ෂණ ජයවර්ධන කියයි.
ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.
අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති බවය.
කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ද මේ වනවිට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. කුඩා ගඟේ එහි ජල මට්ටම තවදුරටත් වැඩිවෙමින් පවතී.
නිල්වලා ගඟ ද පිටබැද්දර ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. කැළණි ගඟේ ජල මට්ටම තවදුරටත් වර්ධනය වෙමින් ඇත.
අද දින පෙ.ව.11 න් පසු දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. බව දැදුරුඔය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ කර සිටින්නේ ජලාශයෙන් පහල ප්‍රදේශවල අවදානම් සහිත සියලුම ප්‍රජාවන් ඒ සම්බන්ධව දැනුම්වත්ව සිටින ලෙසය.







