බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැස්ස කළ හරිය…

by editor
මැයි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රදේශ රැසකට 13 වැනිදා දවල් හා රාත්‍රිය පුරා ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පහත් බිම් හා මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර පවුල් 321කට අයත් පුද්ගලයන් 1163 දෙනෙක් විපතට පත්ව තිබේ. තවදුරටත් ගණනය කිරීම් සිදු කෙරෙමින් පවතින අතර මේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීවේ ය.

ජල ගැලීම් හා පස් කඳු කඩා වැටීමෙන් නිවාස 53කට හානි සිදුව ඇති අතර පවුල් 45කට අයත් පුද්ගලයන් 194 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආපදා සහන කණ්ඩායම් විසින් කටයුතු යොදන ලදි.

අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කොළඹ, බියගම, කොළොන්නාව, වත්තල, කඩුවෙල, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, හංවැල්ල, ග්ලේන්කෝස්, තොලොම්බුව, දැරණියගල, නෝවුඩ් ප්‍රදේශ ද කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මගුර, කළවැල්ලාව, මිල්ලකන්ද ප්‍රදේශ ද ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් තවලම, බද්දේගම, නාගොඩ ප්‍රදේශ ද නිලවලා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පානදුගම, පිටබැද්දර ප්‍රදේශ ද මහා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් බඩල්ගම, ගිරිඋල්ල ප්‍රදේශ ද අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් දුනමලේ ප්‍රදේශ ද අවට පහත් බිම් හා මාර්ග බොහෝමයක් ජලයෙන් යට විය.

එම ගංගා හා ජලාශ අවට තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 14 වැනිදා උදෑසන වනවිට දැදුරුඔයේ වාං දොරටු 4ක් විවෘත කරන ලද අතර තවදුරටත් කුකුළේ ගඟ, උඩවලව, නෝට්න්, කැනියොන් ජලාශවල ද වාං දොරටු විවර කර ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ අතර කෑගල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරන ලද අතර ගිං ගඟ ආශ්‍රිතව 32 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

චන්ද්‍රිකා දර්ශන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. එය සුළි කුණාටුවක් බවට පත්වෙමින් අරාබි මුහුද අවට තව දින කිහිපයක් පවතින අතර ක්‍රමයෙන් උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් 18 වැනිදා පමණ වන විට එය ගුජරාටි හා පකිස්තානු වෙරළ තීරයට ඇතුලු විය හැකි බවයි.

ඒ දක්වා ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව ධීවර හා නාවික කටයුතුවල යෙදීම දැඩි අවදානම් බවත්,
මෙම පීඩන අවපාතයේ බලපෑමෙන් දිවයිනේ සබරගමුව, මාධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි, ගිගුරුම් සහිත වැසි, අකුණු අනතුරු, දැඩි සුළං ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බවත් කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බටහිර හා නිරිත දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ බොහෝ සෙයින් රළු වන අතර කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි, තද සුළං, අකුණු, මුහුදේ කැළඹිලි ස්වභාවයන් ඇති වේ.

මේ හේතුවෙන් තවදුරටත් ගංගා හා ජලාශවල ජල මට්ටම ඉහළ යන අතර ජල ගැලීම් අවදානම ද වැඩි වන බැවින් ආපදා සහන සේවා, ජීවිතාරක්ෂක බෝට්ටු මෙන් ම අවශ්‍ය වුවහොත් හෙළිකොප්ටර් ද යොදා ගනිමින් සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ සේවා කණ්ඩායම් සූදානම් ව ඇති බවත්, හදිසි අවශ්‍යතාවක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතනය පැය 24 පුරා හදිසි මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක බවත් කොඩිප්පිලි මහතා කීවේ ය.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වැසි තත්ත්වය වැඩි වන බැවින් නායයාම් අනතුරු සහිත සෙසු ප්‍රදේශවල ජනතාවට ද විමසිලිමත් වන ලෙසට අනතුරු ඇඟවේ.

අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව පවතින කැළඹිලි තත්ත්වයත් සමග වර්ෂාපතනයේ ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද නායයාම් අවදානම ඉහළ යන බැවින් ඒ පිළිබඳ ව ද දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද අනතුරු ඇඟවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය අවලංගුයි… කිසිම දුම්රියක් ධාවනයේ නෑ…

Next Post

පස්කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.