අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර සිදුවීමට ඇත්තම හේතුව රිවස් පෙත්තද දොරගුලු බිඳීමද යන්න ගැන විමර්ශණය කරන්න

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසුන්කාරී තත්ත්යක් ඇති වූයේ ඔවුන් බන්ධනාගාර දොරටුව බිඳගෙන පළා යාම නිසා ද නැතිනම් සමහරු කියන පරිදි රිවර්ස් පෙත්ත නිසාද යන්න පිළිබඳව නිසි පරීක්ෂාවකින් තොරව කිව නොහැකි බවත් මේ පිළිබඳ සත්‍යය අසත්‍යතාව පිළිබඳව නිසි විමර්ශෂණයක් සිදු කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද උදෑසන අයවැය විවාදය අරම්භයේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් අසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ මහර බන්ධනාගාරයේ සිරකරුවන් 183දෙනෙක් ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා ලැබීමත් සමඟ තමන්ගේද පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ලෙසට හා රෝගයෙන් බේරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට රැඳවියන් කළ ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම කලහකාරිත්වයකට මුල පුරන්නට ඇති බවය.

මෙවැනි තත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්වයක් බව ද ජාතික ජනබලවේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
එහිදී කවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

මහර බන්ධනාගරයේ මතු වී ඇති කැරලිකාරී තත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩිතැබීම් හේතුවෙන් සිරකරුවන් ගණනාවක් ඝාතනය වීමේ හා තුවාල ලැබීමේ සිදුවීම ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිදුවීම බන්ධනාගාරයේ දොරටුව බිඳ පලා යාමට කරන ලද උත්සාහයකදී ඇති වූ සිද්ධියක් ලෙස ඇතැම් වාර්තා පළ වූවා. සමහරු රිවර්ස් පෙත්තක් ගැන කිව්වා මෙම කරුණේ සත්‍ය අසත්‍යතාව නිසි පරීක්ෂාවකින් තොරව පැවසිය නොහැකියි.

පසුගිය කාලය පුරාම සිරකරුවන් අතර ආතතිකාරී තත්වයක් ඇතිවී වී තිබුණා. ඒ බන්ධනාගාරවල කොවිඞ් 19 රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමගයි. මේ වන විට බන්ධනාගාර කොවිඞ් පොකුර 1000 ඉක්මවනවා. 2020 අගෝස්තු වන විට ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව බන්ධනාගාරවල සිරකරුවන්ගේ තදබදය සියයට 250කට ආසන්නයි.

බන්ධනාගාරවල සිරකරුවන් 11,762ක් සිටිය යුතු වුවත් දැනට ඒවායේ 28,750ක පිරිසක් රඳවනු ලැබ තිබෙනවා. මෙයින් 20,000ක් පමණ පිරිසක් රිමාන්ඞ් සිරකරුවන් බවද පැවසෙනවා.
කොවිඞ් 19 රෝගී තත්වය ව්‍යාප්ත වන ප්‍රධාන ආකාරයක් වන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කිරීමයි. ඒ අනුව බලන විට 250%ක් තදබද වීම විසින් බන්ධනාගාරයන්හි කොවිඞ් තත්වය තුළ පවත්වා ගත යුතු දුරස්ථභාවය අර්ථ විරහිත වන බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුව එක් රැඳවියෙක් සඳහා අවම වශයෙන් වර්ග මීටර් 02ක ඉඩ පහසුකමක් අවශ්‍ය වනවා. නමුත් පවතින ඉලක්කම් අපට පෙන්වා දෙන්නේ, කොවිඞ් වැනි රෝගී තත්වයක් පවතිද්දී පමණක් නොව සාමාන්‍ය තත්වයට පවා සිරකරුවන්ට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට පවතින බන්ධනාගාර පද්ධතිය අසමත් බවයි.
එම ඍජු බලපෑමට අමතරව කොවිඞ් තත්වය විසින් රිමාන්ඞ් සිරකරුවන්ගේ නඩු කටයුතු ප්‍රමාද කරවා තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ රිමාන්ඞ් කාලය දීර්ඝ වී අමතර කාලයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබෙනවා. මෙයද රිමාන්ඞ් සිරකරුවන් අතර බරපතළ අසහනකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා.
1875 බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ඉදි කරන ලද මහර බන්ධනාගාරයද වර්තමාන සිරකරු සංඛ්‍යාවට ප්‍රමාණවත් නොවන බවට සැකයක් නැහැ. බන්ධනාගාර තුළින් කොවිඞ් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග මහර බන්ධනාගාරයෙන්ද රෝගීන් වාර්තා වූ අතර එක් රැඳවියෙක් පසුගිය 22වැනිදා රෝගී තත්වය හේතුවෙන් මරණයටද පත් වුණා. 200ක් 300ක් පමණ පිරිසකට එක ශාලාවක තදබදව සිටීමට බලකෙරී ඇති තත්වයක් තුළ සහ පොදු වැසිකිළි පාවිච්චි කිරීමට සිදුව ඇති තත්වයක් තුළ කොවිඞ් වැනි රෝගයක් පහසුවෙන් ව්‍යාප්ත වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
පසුගිය 29 වැනි දින සිරකරුවන් 183දෙනෙක් ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා ලැබීමත් සමග බන්ධනාගාරය තුළ බලවත් කැලඹිලිකාරී ස්වභාවයක් ඇති වූ බවත් රැඳවියන්ගේ නිවෙස්වලින් පිරිස්ද විශාල ලෙස එහි පැමිණි බවත් වාර්තා වුණා. මේ අනුව තමන්ගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසට හා රෝගයෙන් බේරී සිටීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට සිරකරුවන්ගෙන් බලවත් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් මෙම තත්වයට නිසි විසඳුම් නොලැබීම යම් කලහකාරිත්වයකට මුල පුරන්නට ඇති බවට සැක කළ හැකියි. මෙවැනි තත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්වයක් ඇති කරනවා.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01 සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේද? එහි ප්‍රතිඵල මෙම සභාව හමුවේ තබන්නේද?
02 සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහාත් ගනු ලැබ ඇති පියවර කවරේද?
03’ මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී සිදුවීමට බලපෑ කරුණු ආණ්ඩුව විසින් හඳුනාගනු ලැබ තිබේද ඒවා මොනවාද?
04. එම සිදුවීම්වලට තුඩු දුන් හේතුවලට විසඳුම් ලබාදීමට අනුගමනය කරන කරන ක්‍රමවේදය කුමක්ද?
05. සිරකරුවන්ගේ පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට අදාළ ක්‍රමවේදය කුමක්ද?
06. බන්ධනාගාර තුළ කොවිඞ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අදාළ වැඩපිළිවෙළ කුමක්ද?
07. බන්ධනාගාර තදබදය වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද? ඒ සඳහා වන කාලරාමුව කුමක්ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද…..

Next Post

අඩුබාබියෙන් ඇල්ලූ ඇල්ටෝ ධර්මේ මෙරටට ගේන්න රාජ්‍ය තාන්ත්‍රික පියවර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.