මහරගම හෙද සමුළුවේ දී කිිසිම ආකාරයක නීති විරෝධී කටයුත්තක්, කිසිම ආකාරයක මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්, සිදු නොවූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණයෙන් ප්‍රකාශ කරයි.
” මෙතන සිදුවී තිබෙන්නේ වෘත්තීය සමිති සමුළුවක් පවත්වනවා. ඒ සමුළුවට මම ආරාධිතයෙක් ලෙස සහභාගී වෙනවා. යුනිෆෝම් එකෙන් වෘත්තීය සමිතියක වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වීම සිදුවුනේ මේ අවස්ථාවේ විතරක් ද?.”
“ඔබ දැක්කද මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සම්මේලනය. නිල ඇඳුම් පිටින් තියන්නේ. මේකට විතරක් රිදෙන්නේ ඇයි?”
වෙන අය වැරදි වැඩක් කරලා මටත් ඒක කරන්න පුලුවන් කියන දේ නෙමෙයි මේ කියන්නේ. මේ වැඩේ හරිම නීත්‍යානුකූලයි. මේක රජයේ තියන රෙගුලාසිවලට යටත්. චක්‍රලේඛනවලට යටත්. රාජකාරි නිවාඩු දීපු ලිපි ලේඛණ මා ලඟ තියනවා. එහෙම තමයි වෘත්තීය සමිති සමුලුවක් පවත්වන්නේ. ඒවා වෘත්තීය සමිති දිනාගත්තු අයිතිවාසිකම්.
ඒ නිසා මම හිතන්නේ පවු.
අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීම මෙසේය.







