මහබැංකු අධිපතිගේ තනතුර කැබිනට් අමාත්‍ය තනතුරට සමාන ශ්‍රී ලංකා තනතුරු ධූරාවලියේ පස්වන ස්ථානයට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ.
තනතුරු ධූරාවලියේ පස්වන ස්ථානයෙහි මෙතෙක් පිහිටුවා තිබුණේ විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාර්ෂල් ධුරය ය.
එම ධුරාවලියේ පස්වන තැන දක්වා මහබැංකු අධිපති තනතුර ඔසවා තබා ඇත.
මෙරට පුද්ගල නිල ධුරාවලියේ පළමු තැන රටේ විධායක ජනාධිපතිවරයාට හිමිය. දෙවන තැන අග්‍රාමාත්‍යවරයාටත්, තුන්වන තැන කථානායකවරයාටත්, සිවුවන තැන අගවිනිසුරුවරයාටත් හිමි වේ.