අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර වධක සිද්ධියේ කපුවා දවස් හතක් රක්ෂිතයට

by Lanka Sara Editor
ජූලි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුසිය එකට තබා ඇණ ගසා වධ දුන් සිද්ධියේ සැකකාර කපුවා වන වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙක් ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් එල්.ජී. ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන බව කියන දුෂ්මන්ත ප්‍රනාන්දු නමැත්තා නොමැත්තා ඊයේ (01) පල්ලෙකැලේ පොලිසියට බාර වූ අතර අද ඔහු තෙල්දෙණිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී මෙම පරීක්ෂණ කටයුතු තවමත් සිදුවන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීම අනුව සැකකරුවන් දින හතක් බන්ධනාගාරයේ රැඳවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

මෙම කපුවා පොලීසියට භාරවීමට පෙර සිය ෆේස්‌බුක්‌ ගිණුමේ වීඩියෝවක්‌ නිකුත්‌ කරමින්‌ කියා සිටියේ තමන්‌ දේව දරුවෙක්‌ බවත්‌, මෙවැනි අපරාධවලට සම්බන්ධ නැති බවත්‌, ඇණ ගැසූ පුද්ගලයන්‌ දෙදෙනා තමන්ගේ විරුද්ධවාදීන්‌ වුවද තමන්‌ ඊට සම්බන්ධ නැති බවත්‌ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුද්ගලයින්‌ දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස්‌ කොටයකට තබා ඔවුන්‌ දෙදෙනාගේ දෙඅත්‌ වලට පරාල ඇණ ගසා අමානුෂික වධයට ලක්‌ කළ කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක්‌ පවත්වාගෙන ගිය කපුවා සිද්ධියෙන් පසුව කතරගම ප්‍රදේශයේ සැඟ වී සිටින බවට විමර්ශන ආරංචි පළවිය.

වධක සිද්ධියේ කපුවා නුවර ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරුන්ගේ හා ඔවුන්‌ මාර්ගයෙන්‌ රටේ ඉහළම දේශපාලන බලවතුන්ගේ හිතවත්‌ කම්‌ ගොඩනගා ගත්තෙක්‌ බව කියැවේ.

සැකකාර කපුවා සහ වධයට ලක්වූ දෙදෙනාත්‌, ඔවුන්‌ වදයට ලක්කළ බව කියන කපුවාගේ ඥාති සොයුරන්‌ කිහිප දෙනාත්‌ මත්ද්‍රව්‍ය ජවාරම්ට සම්බන්ධ පුද්ගලයන්‌ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයන්‌ දෙදෙනා අමානුෂික වදයට ලක්‌ කළ කණ්ඩායම මේ වදක සිද්ධියට පෙර මීවතුර ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමකට පහර දී තුවාල කිරීම හා පුද්ගලයෙක්‌ කපා දැමීම සිදු කර ඇති බවත්‌ මේ සිදුවීම්‌ නිසා රෝහල්ගත වූ පුද්ගලයන්‌ සම්බන්ධව පොලිසිය හෝ රෝහල නීත්‍යානුකූල පටිපාටියට කටයුතු කර නැති බවත්‌ හෙළි වී තිබුණි.

ඇණ ගැසූ පුද්ගලයන්‌ දෙදෙනා මේ වනවිට සුව අතට හැරෙමින්‌ සිටින බව රෝහල්‌ ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැඳුම්කරේට හිරවූ ඇලෝෂියස්ලාට අත්හිටුවූ සුරාබදු බලපත්‍රය ලැබෙයි

Next Post

මහා දාගැබ් පිළිම අනාගතයට උරුම කර දුන් විශ්වකර්ම විද්වතා නික්ම යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.