ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ මහනුවර ජාතික රෝහලේ හෙදියන් ගේ කාමරයක් සොරුන් විසින් කඩා බිඳ දැමූ පුවතක් වාර්තාවේ.
මහනුවර ජාතික රෝහලේ 11 වාට්ටුව අසල හෙදියන් සඳහා වූ කුඩා කාමරය අගුළු කඩා ඇතුළුවී එහි ඇති සියලු බඩු භාණ්ඩ ඇද අවුල්කර දමා ගොස් ඇති බවට හෙදියන් රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත
මීට මාස දෙකකට ඉහතදී රෝහලේ ඖෂධ ගබඩාවට කඩා වැදී ඖෂධ සොරකම් කිරීමට උත්සාහ කළ සැකකරුවන් මේ වන විටද බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි