මහනුවර ජාතික රෝහලේ අණුක වෛරසවේදී රසායනාගාරයේ දොරටු දෙකක් කඩා කිසියම් පිරිසක් අද (20) අලුයම රසායනාගාරයට ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධියවන අවස්ථාවේ අදාළ ස්ථානයේ ආරක්ෂාව සඳහා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු සිට නොමැති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පුද්ගලයා මෙදින සේවයට වාර්තා කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රාන්නදු පැවසුවාය.
අණුක වෛරස්වේද රාසයානගාරය මිල අධික රසායනික ද්‍රව්‍යය හා පරීක්ෂණ සඳහා භාවිත කරන වටිනා උපකරණ රැසකින් සමන්විතය.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ සායනයක් කලකට ඉහත මෙම ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගොස් තිබෙන අතර එම සායනයේදී ලබාදුන් ඇතැම් ඖෂධ වර්ග ඉල්ලා මතට ඇබ්බැහිවූවන් නිතර මෙම ස්ථානයට පැමිණෙන බව රසායනාගාර සේවකයෙකු පැවසීය.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු එම ඖෂධ සොයා මෙම දොරවල් කඩා දැමුවේද යන සැකය මේවන විට උද්ගතව තිබේ.
රසායනාගාරයේ ලිපි ලේඛණ අවුස්සා තිබෙන බවත් එහි තිබූ ඖෂධ හෝ උපකරණ සොරා ගැනීමක් සිදුවූ බවට අනාවරණය නොවන බවත් ඉරේෂා ප්‍රනාන්දු කීවාය. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ආරක්ෂක අංශයෙන් පොලීසිය රෝහල් සේවකයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇත.
Discussion about this post