අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

by editor
මැයි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතාන ට ස්ථාන මාරුවක් ලබා දී එම තනතුරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින්    විරංජන් ඩයස් සුමනසේකර අත්තනෝමතිකව  පත්කර එවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සෙසු සමාජිකයින් විරෝධය දැක්වීම නිසා  මේ වනවිට   කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විරංජන් ඩයස් සුමනසේකර   මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි තනතුර බාර නොදීම හේතුවෙන් කුමුදුනී විතාන මහත්මියගේ සේවය අත්හිටුවා ඇයගේ වැටුප් ද නතර කළ බව දක්වා  කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇය වෙත ලිපියක් යොමුකර ඇත.

තමන් මහනුවර කාර්යාලයේ සිට කොළඹ කාර්යාලයට මාරු කරන ලද්දේ විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව බව දක්වමින් කුමුදුනී විතාන සිය ස්ථාන මාරුව සහ වැටුප් අත්හිටුවීම තාවකාලිකව වලක්වාල ලමින්  අභියාචනා අධිකරණය මගින් රිට් ආඥාවක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ. එසේ තිබිය දී      කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සහයෝගය ඇතිව  විරංජන් ඩයස් සුමනසේකර    අද(30) පැමිණ බලහත්කාරයෙන් කුමුදුනී විතාන ගේ අසුනේ වාඩිවීමට උත්සාහ කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර  කීය.

අදාළ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට කොමිෂන් සභාවේ ලේකම්වරයා දැඩි විරෝධයක් එල්ල කරමින් එම ස්ථානයෙන් පිටව යාමත් සමඟ ඒ අසළ සිටි පිරිසක් විරංජන් ඩයස් සුමනසේකරට බැණ වැදුණු අතර ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන්    ගැලවී පළා ගියේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කොමිසමේ සාමාජිකයින් නොසලකා හැර අත්තනෝමතික ලෙස තනි තීන්දු ගැනීම හේතුවෙන් මේ වනවිට කොමිෂන් සභාවේ වැඩකටයුතු අවුල් වී තිබෙන බවත් මේ සම්බන්ධව ජනපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහාචාර්ය විජිත නානායක්කාර  කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොමිෂන් සභාවේ එකඟතාව නොමැතිව සභාපතිනියට තනි කැමැත්ත මත සේවකයින් මාරු කිරීමේ හැකියාවක් නොමැති බවත් මහනුවර කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාරු කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයින් තීන්දුවක් ගෙන නොතිබිය දී ඇයව මාරුකර වෙනත් පුද්ගලයෙකු ඊට අනුයුක්ත කිරීම මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බවත් ඔහු  පැවසීය.

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්  ඇතුළු කණ්ඩායමක් ද අද (30) පස්වරුවේ එම ස්ථානයට පැමිණියහ.

මහනුවර මානව හිමිකම් කාර්යාලය භූමියට පැමිණ සිටි පිටස්තර පිරිසක් තමන්ට පහර දීමට උත්සහ කළ බවත් ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කරන බවත් විරංජන් ඩයස් සුමනසේකර   කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව කාන්තා ව්‍යවසායකයින්ට හිතකරයි

Next Post

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.