මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය 4ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
(26) සිට ලබන 30 වැනි දා දක්වා එම දුම්රිය ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ සඳහන් කරයි.
ඒ අනුව එක් දුම්රියක් කොළඹ කොටුවේ සිට නුවර දක්වා සහ නැවත කොටුව දක්වා ධාවනය වනු ඇති අතර පෙරහැර අවසන් වී පිටත් වන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ, මහනුවර සිට නාවලපිටිය සහ නුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය වීමට නියමිතය.