බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවරට වෙච්චි දේ… අයිස් මත්ද්‍රව්‍ය භාවිතය 2025 දී පස් ගුණයකින් වැඩි වෙලා!

by editor
ජනවාරි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර දිස්ත්‍රික්කයේ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2024 වසරට සාපේක්ෂව 2025 දී පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 648 ක් 2024 දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම  ප්‍රමාණය පසුගිය වසරේදී කිලෝ 03 යි ග්රෑම් 23 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය කියයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී දළදා මාලිගා පොලීසිය හැරුණු විට ස්ථාපිත සෙසු පොලිස් ස්ථාන 30 මගින්  මෙම වැටලීම් සිදුකර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් මහනුවර, ගම්පොළ හා තෙල්දෙණිය පොලිස් කොට්ඨාස වල 2024 දී අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ප්‍රමාණය කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 814 කි. එය පසුගිය වසරේදී කිලෝ 04 යි ග්රෑම් 411 දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වැඩිම හෙරෝයින් අත්අඩංගුවට ගැනීම් වාර්තා වී තිබෙන්නේ මහනුවර කොට්ඨාසයෙනි.

වැටලීම් 2678 ක් මගින් 2024 දී හෙරෝයින් කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 34 ක් මහනුවර කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 2025 දී එම සංඛ්‍යාව වැටලීම් 3544 ක් මගින් කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 253 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුගිය වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන මගින් සිදුකළ වැටලීම් ඔස්සේ අත්අඩංගුවට ගන්නා ලද සමස්ත හෙරෝයින් ප්‍රමාණයෙන් කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 253 ක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර පොලිස් කොට්ඨාසයෙනි.  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 413 දෙනෙකු 2025 වසරේදී පුනරුත්තාපනය සඳහා යොමුකර තිබෙන බවත් ප්‍රජා විශෝධනයට 397 දෙනෙකුද උපදේශනයට 335 දෙනෙකුද ප්‍රතිකාර සඳහා 274 දෙනෙකුද යොමු කළ බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ අවදානම ඇති දරුවන් 74 දෙනෙකුද ඇබ්බැහිවීමේ දැඩි අවදානම ඇති දරුවන් 14 දෙනෙකු ද ඇම්බැහිවූ දරුවන් 17 දෙනෙකුද පසුගිය වසරේ හඳුනාගත් බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  පවසයි.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව පිහිටුවීම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික කිරි පිටි මිල අඩුවෙයි!

Next Post

බන්ධනාගාර කියන්නේ අපරාධකරුවන් බිහි කරන ෆැක්ටරි… මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියන වටිනා කතාවක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.