fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

1 මාසයක් ago
in පුවත්
735 8
0
Share on FacebookShare on Twitter

තමන් අග විනිසුරුවරයා වෙත ලිපියක් යවමින්  රටේ ආරක්ෂාව සම්බන්ධ සාකච්ඡාවක් සඳහා   වෙලාවක් ලබා දෙන ලෙස දන්වා ලිපියක් එව්වේ වැරදීමකින් බවත් ඊට සමාවන ලෙසත්  ඉල්ලමින්   මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්   අගවිනිසුරු ජයන්ත ජයසූරිය   වෙත ලිපියක් යවා තිබේ.  

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය දා  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස්  අගවිනිසුරුවරයාට    ලියුමක් යැව්වේය. ඉන් දන්වා තිබුණේ   රට පුරා පවතින විරෝධතා හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සහ බාධාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට  අවශ්‍ය වී ඇති බවය. ලේකම් වරයා ඒ  සඳහා අගවිනිසුරුගෙන්  වෙලාවක්  ඉල්ලා සිටියේය.

රාජකාරි පටිපාටිය අනුව  රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් එවැනි ඉල්ලීමක් ලේකම්වරයා විසින් සිදුකළ යුත්තේ  නීතිපතිවරයාගෙනි.  එම පටිපාටිය ඉක්මවා යමින් රටේ නීතියේ ස්වාධීනත්වය හා අධිපත්‍යය ද ප්‍රශ්න කෙරෙන සේ  අගවිනිසුරුවරයාවෙත ඍජුවම  ලිපි ලිවීමට ලේකම්වරයා කටයුතු කර තිබිණි.

මෙවැනි සම්පුර්ණයෙන්ම අනවශ්‍ය ලිපියක් එවීම සම්බන්ධයෙන් එම නිලධාරියාට දැඩි ලෙස අවවාද කරන ලෙස උපදෙස් සහිතව අගවිනිසුරුවරයා   නීතිපතිවරයාට   ලිඛිතව දන්වා තිබේ.

ඒ අනුව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට තම අධිකාරිය ඉක්මවා නොයන ලෙසට පළමු සහ අවසන් අවවාදය ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

නීතිපතිවරයාගේ අනතුරු ඇඟවීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස් නැවතත් අගවිනිසුරු වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ  එම ලිපිය නීතිපතිවරයාට යැවීමට අවශ්‍ය  වූවක් බවය.  එහෙත්  වැරදීමකින් අගවිනිසුරුවරයා වෙත ලබා දී ඇති බවත්ය.

සිදුවූ අතපසුවීම සම්බන්ධව  ඔහු සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන්  ලිඛිතව සමාව අයැද සිටියේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රකාශකයෙක් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ   රාජ්‍ය පරිපාලන සේවයේ    තනතුරුවලට පත්වන අයෙක් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව එම තනතුරු සඳහා පිටතින් පත් කර එවන්නන්  දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙවැනි සිදුවීම්වලින්  අවධාරණය කරන බවයි.

ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී ශ්‍රීලංකා පරිපාලන සේවයේ  නිලධාරීන්ට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා එම නිලධාරීන්  පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත  ලිපියක් ද යවා තිබිණි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දූෂණ වංචා වැලැක්වීමේ කොමිසෂන් සභා  02ක්

Next Post

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!
  • රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

කීර්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ඉන්ධන...

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

by editor
ජූනි 27, 2022
0

තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist