බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වානෙ නඩුවෙන් බැසිල් – නඩේසන් නිදොස් වී නිදහස් වුනේ මෙහෙමයි….

by editor
ජූනි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති  නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද (03) දුන්නේය.

බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

එහෙම වුනේ කොහොම ද?.

අක්කර 16 ක ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ පළමු විත්තිකරු වන බැසිල් රාජපක්ෂට නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ කාලයක් ඇසෙමින් තිබූ මෙම නඩුව විසිවී යන්නේ එය පවරා තිබූ ආකාරයේ තාක්ෂණික දෝෂයකින් බව නීති විශාරදයෝ පැවසූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඕනෑම අපරාධ නඩුවක මුල් පැමිණිලි කාරයෙක් සිටී. මෙම මුල් පැමිණිලිකාරයා අපරාධයක් සිදුවීම සම්බන්ධව මුලින්ම පැමිණිල්ල ගොනු කරනු ලබන පුද්ගලයාය.

මල්වාන නඩුවේ මුල් පැමිණිලිකරු ලෙස පොලිසිය විසින් හඳුන්වා දී තිබුණේ මෙම නිවසේ කොන්ත්‍රාත් කරුය.  කොන්ත්‍රාත්කරු පොලිසියට කැඳවා ඔහුගෙන් කටඋත්තරයක් සටහන් කරගෙන එම කට උත්තරය පදනම් කරගෙන පැමිණිල්ල ගොනු කර තිබිණි.

පසුගිය නඩුවාරයේ දී සාක්ෂි සඳහා මුල්පැමිණිලි කරු ලෙස සාක්ෂියට කැඳවූ කොන්ත්‍රාත්කරු සාක්ෂි ලබා දෙමින් පැවසුවේ තමන් තිරු නඩේසන්ට හෝ  බැසිල් රාජපක්ෂට එරෙහිව කිසිම අවස්ථාවක පොලිසියේ පැමිණිල්ලක් නොකළ බවය. එහෙත් පොලිසිය තමන්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බව ඔහු උසාවියට පැවසුවේය.

දැන් මුල් පැමිණිලිකරුවෙක් නැත.  මේ අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින   රජයේ නීතිඥවරයා  ප්‍රකාශ කළේ මේ තත්ත්වය තුළ තවදුරටත් සාක්ෂි මෙහෙයවීම සිදු කිරීමට තමන් සූදානම් නැති බවත් ගොනු වී ඇති සාක්ෂි විභාගයෙන් නඩු තින්දුව ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද නැද්ද යන්න පිළිබඳව තීන්දුව ලබා දීම පසුගිය මැයි 13 වැනිදාට නියම කෙරිනි. මේ අවස්ථාවේ දී රටේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් තමා නඩු විභාගයට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ   ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තිරු නඩේසන් ද   තමන්ගේ අසනීප තත්ත්වය හේතුවෙන්   අධිකරණයට ඉදිරිපත් නොවන බව ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන්   අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම අද දිනය දක්වා කල් තැබිණි.

මුල් පැමිණිලිකරුවාගේ ගැටලුවක් මතුවීම   මත රජයේ නීතිඥවරයා සාක්ෂි විභාගය නවත්වා දැමීම අධිකරණයට දැන්වීමෙන් අනතුරුව නඩුව තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව  අධිකරණය අද තීන්දු කර විත්ති කරුවන් නිදොස්කොට නිදහස් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්වානේ ගෙවල් නඩුව… බැසිල් තිරුනඩේසන් නිදොස්කොට නිදහස්..

Next Post

මහින්ද කහඳගම 08 දා තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.