බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වතු මහ නා හිමි ලෙස පෙනී හිඳිමින් හතර අතින් කෝටි ගණන් වංචාකළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට….

by editor
ඔක්තෝබර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ

මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම්  දෙමින් පිටරට රැකියාවලට යවන බව පවසා  දිවයින පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම  වෙත (28) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 වයසැති සිරිමල් ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකි.

සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල්  එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් (රු.1,37000.00) ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.

නුවරඑළිය පොලිස් විමර්ශන කණ්ඩායම….

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිනීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් තෙරුවන් සරණ පතා දුරකතන ඇමතුම ආරම්භ කර  තමන් මල්වත්තේ මහ නායක ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටිමින් කතාව ආරම්භ කරන බව හෙළි වී තිබේ.

අනතුරුව තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත් , තම මිතුරෙකු ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයෙකු ලෙසත් පවසා මුලින්ම තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගනිමින් ඉන් අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියා රටට රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බවට පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බව  නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි කීවේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ තිස් දාහක මුදලක් පමණක් ගෙවිය යුතු  බව සදහන් කරමින් එම මුදල් අත්තඩංගුවට ගත් සැකකරු සතු බැංකු ගිණුම් වෙත ගෙන්වා ගෙන මෙම  මුදල් වංචා   සිදුකර ඇති බවට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .

බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබාදීමටද මෙම පුද්ගලයාම කටයුතු කර ඇතැයි  ,විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කර ගැනීමේදී   අනාවරණ වී ඇති බවද ප්‍රේමලාල් හෙට්ටිආරච්චි කීවේය.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වාගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක්  මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

සැක කටයුතු පුද්ගලයා  අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී දුරකථන 11ක් , ටැබ් යන්ත්‍රයක් , අන්තර්ජාල සැපයුම උපකරණ , බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත් විශාල ප්‍රමාණයක් , විවිධ නම් වලින් සැකසුනු ලද නිල මුද්‍රා තොගයක් , දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක් , විවිධ පුද්ගලයන්ගේ නම් වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක්  ඔහු සතුව තිබී අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වී තිබේ.

වංචාවට භාවිත කළ ටැබ් දුරකථන ඇතුළු උපකරණ…

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් තිබේ.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් බහු විවාහයන් ද  සිදුකර ඇති බවත්    එම විවාහයන්ගෙන් දරුවන්ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් සිය බහු විවාහ නඩත්තු කරමින්    කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවත් නුවර එළිය පොලිසියේ අපරාධ  විමර්ශන අංශය හෙළි කරගෙන ඇත.

මෙම පුද්ගලයාට විරුද්ධව ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත් වල නම් ගම් වලට අනුව මතුගම , මහර , පන්නිල , කොළඹ කොටුව , කෑගල්ල , දඹුල්ල , නුවරඑළිය , ගාල්ල බලපිටිය , අනුරාධපුර  , නුගේගොඩ , කළුතර , අලුත්කඩේ යන අධිකරණ වල මුදල් වංචා කිරීම අධිකරණය නොමග යැවීම බහු විවාහයක් සිදු කිරීම වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූට ලේඛන සැකසීම  ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව නඩු කටයුතු ද විශාල ප්‍රමාණයක් පැවැත්වෙන  බව  ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඉකුත් (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝම්බර් 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම   නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මනගේ ප්‍රධානත්වයෙන් හා  නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ  ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනවසරයෙන් සිරිපා කරුණා කිරීම සපුරා තහනම්…  මේ දිනවල ගමන් කොහොමත් අවදානම් – දිස්ත්‍රික් ලේකම්

Next Post

ඉන්දීය ජාතික සේවකයෙක් දර්ගා නගරයේ කම්හලක උණුවතුර බොයිලේරුවට වැටී මරුට…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.