දිනසේන රතුගමගේ –
මුලතිව් වලෙයිනාර්මඩම් ප්‍රදේශයේ කැළයක තිබූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන කබායකට සමාන ඇදුමක් සමග අත් බෝම්බ 8 ක් පොලීසිය විසින් 24 දා සොයාගෙන තිබේ.
කැළයට ගිය පුද්ගලයෙකු විසින් මෙම කබායේ කොටසක් දැක ඒ පිළිබදව මුලතිව් පොලීසියට කළ දැණුම් දීමක් මත පොලීසිය එම ස්ථානයට ගොස් කබාය සමග අත් බෝම්බ සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම කබාය හා අත් බෝම්බ ජීවී තත්ත්වයේ පවතින බවයි.
මුලතිව් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය මත පුපුරවා විනාශ කිරීමට මුලතිව් පොලීසිය පියවර ගෙන තිබේ.