දිනසේන රතුගමගේ –
පෑලියගොඩ මාළුන් වෙළද සැලේ සිට මන්නාරමට පැමිණ සැගවී සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බව 26 දා තහවුරු කරගෙන තිබේ.
මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන් මහතා පැවසුවේ ඔහු මන්නාරමේ පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයට පැමිණ ඥාති නිවසක සැග වී සිටි බවයි.
නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු කොරෝනා රෝගියෙකු වූ බැවින් ඔහුව කන්දකාඩූ කොරෝනා ප්‍රතිකාර රෝහල වෙත යවා තිබේ.
පෑලියගොඩ සිට පැමිණ මාලු වෙළෙන්දා සැගවී සිටි නිවසේ උදවියද පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට ඔවුන්ව ඔවුන්ගේ නිවස තුළම නිරෝධානය කිරීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
Discussion about this post