බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිත් හිඟවන හැඩ… මනම්පිටියේ වැලි සමාගම දූෂිතයි… ටිපර් හිමියෝ වැඩ නවත්වා උද්ඝෝෂණයක…

මේ උද්ඝෝෂණය කරන්නෙ ටිපර්කරුවන්ට හිතූ මතේ ජාවාරම් කරන්න බැරි නිසා.. වැලි සමාගම කියයි!

by editor
ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රජයට අනුබද්ධ සමාගමක් වූ මනම්පිටිය පුද්ගලික වැලි සමාගම  දූෂිත   සමාගමක් බවත්, නීත්‍යානුකූලව ලියාපදිංචි ව්‍යාපාරිකයන්ට වැලි නොදී  පිටස්තර කළු  කඩ ව්‍යාපාරිකයන්ට වැඩි මිලට වැලි ලබදෙන මේ දූෂිත ක්‍රියාවලිය නිසා තමන් බරපතල අර්බුදයකට පත් වී ඇති බවත් කියමින් අද (18) දහවල් පොලොන්නරු දිස්ත්‍රික් ටිපර් රථ හිමියෝ මනම්පිටිය පුද්ගලික වැලි සමාගම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

“ සී.ඕ. හොරාගේ හොර වැලිකඩ වහා නතර කරනු,“  “මනම්පිටිය වැලි සමාගමේ හොර නඩය එළවමු“   “වැලි කම්කරුවා මංකඩ හිමියා සුරක්ෂිත කරවු“ “ අපට ලබාදුන් 75% වැලි කෝටාව නැවත ලබා දෙනු“ “ පොලොන්නරුව මහවැලි ගඟේ වැලි ආදායම නුගේගොඩට“ ආදී සටන් පාඨ පුවරු උද්ඝෝෂකයෝ ප්‍රදර්ශනය කරමින් සිටියහ.

වැලි සමාගම විසින් පරිසර  අමාත්‍යාංශයත් පොලොන්නරුව දිසාපතිවරයාත්  ලබාදුන් උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන බවත්, නිර්දේශ කර ඇති පරිදි   දෛනිකව  මහවැලි ගඟේ මනම්පිටියෙන් ගොඩදමන වැලිවලින් සියයට 75ක් තමන්ට නොදෙන බවත් උද්ඝෝෂකයෝ කීහ.

මනම්පිටිය වැලි සමාගම වැලි කියුබ් එකක මිල ඉහළ දැමුවද එහි වාසිය වැලි මංකඩ   ලාභීයාටත්, වැලි ගොඩ  දමන කම්කරුවටත් නොලැබෙන බව පවසන උද්ඝෝෂකයින් තමන්ට සොච්චමක් වැඩිකර ඉතිරි මුදල වැලි   සමාගම ගසාකන බවද  කීවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වැලි සමාගම ඉදිරිපිට  මාර්ගය  නඩත්තු කිරීම් සඳහා සෑම වැලි කියුබ් එකකින්ම රුපියල්  40 ක මුදලක් අය කෙරුවද එදා මෙදා තුළ  කිසිදු අවස්ථාවක  එම මාර්ගය නඩත්තු  නොකරන බව උද්ඝෝෂකයෝ කීහ.

“ඒ සල්ලිවලට වෙන්නෙ මොනවද කියලා හොයන්න.“ ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

“මේ වැලි සමාගම සිදුකරන සියලු අසාධාරණකම් නවතා දමන තෙක් අපි අරගල කරනවා.“   දිස්ත්‍රික් වැලි ටිපර් හිමිකරුවන්ගේ සංගමය සභාපති වසන්ත  බණ්ඩාර ලංකාසරට කීවේය.

පොලොන්නරුව දිස්ත්‍රික් වැලි ටිපර් හිමිකරුවන්ගේ සංගමය නගන චෝදනාව සම්බන්ධයෙන්  මනම්පිටිය වැලි කැණීම්   ව්‍යාපෘතියේ කළමනාකාර එන්.ඒ. රංජිත්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය.

“මනම්පිටිය මහවැලි ගඟෙන් හිතෙන පරිදි වැලි   ගොඩ දාන්න අපට බෑ. මේක  ස්වභාවික  සම්පතක්.  නමුත් අපි පොළොන්නරුවේ වැලි ටිපර් සඳහා ගොඩදාන වැලි වලින් සියයට අසූවක්ම ලබා දෙනවා.“

“පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහාත් අපි වැලි ලබා දෙනවා. ඉස්සර වගේ මෙතන වැලි ටිපර් කරුවන්ට විවිධාකාර ජාවාරම් කරන්න බෑ.  ඒ අයට නිදහසේ මෙතන ජාවාරම් කරන්න බැරි නිසයි  ඔය  උද්ඝෝෂණයක කරන්නේ. අනික ඒ අය  මෙතනින් වැලි කියුබ් තුනක්  රුපියල් 15,000 ක  වගේ මිලකට අරන් පොලොන්නරුව ඇතුළෙම   රුපියල්  50,000 කට අලෙවි කරනවා. ඒක හරි  අසාධාරණයි .“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනකු නුවරට යවයි

Next Post

පොලොන්නරුව ගොවීහු වී වගාව අත්හරිති… රටට පාඩුව කෝටි 280ක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.