fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධුසමයේ මිහිර සොයා පැමිණි යුවලට මරණය බිය කුමක් දැයි කියා දුන් ගුවන් ගමන

මාස 8ක් ago
in පුවත්
547 5
0
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වගකීම් රහිත සකුරායි ඒවියේෂන් සමාගමේ   සිවිල්  ගුවන්සේවා   බලපත්‍රය අත්හිටුවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර තිබේ. ඒ පිට පිටම සිදුවන්නට ගිය මාරක අනතුරු දෙකක් අනූනවයෙන් බේරාගත් පසුය. ගුවන් නියමුවන්ගේ හැකියාව හෝ වෙනකුමක් හෝ වාසනා ගුණයක් නිසා ජීවිත කීපයක් බේරුනේය.

සකුරායි ඒවියේෂන් සමාගමේ හදිසි ගොඩබැස්වීම් ගැන මෑතක දී මුලින්ම වාර්තා වූයේ මීට දින කීපයකට කලිනි. පසුගිය 22 දා  පයිපර් පීඒ 38 – 112 ටොමර්හෝක් වර්ගයේ ගුවන් යානයක්  නියමුවන් දෙදෙනෙක් බේරුවල වෙරළ තීරයට ගොඩබෑවේය. හේතුව යානයේ කාර්මික දෝෂයකි. ගුවන් හමුදාව මුදවා ගැනීමේ කණ්ඩායම් යැව්වේය. ගුවන් සමාගමෙන් විශේෂ කණඩායමක් පැමිණියේය.  සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් දියත් වුණේය.

ඊට දවස් පහකට පසු අද සවස 1.52ට සකුරායි ඒවියේෂන් සමාගමේ තවත් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් කළේ කිඹුලා පිටිය වෙල් යායකටය. හේතුව යානයේ ඇති වූ කාර්මික දෝෂයකි. කටුනායක ධානව පථය පෙනි පෙනී  කටුනායක පත්තායන්වත්තේ වෙල් යායකට පාත් කළ මෙම කුඩා ගුවන් යානය  අසීරුවෙන් ගොඩබසින විට එහි මුහුණත වෙල් යාය මැදින් යන කොන්ක්‍රීට් පාරක ඇනී සුන් වී තිබිනි.  වාසනාවට ගුවන් නියමුවන් දෙදෙනාට සහ එහි ගමන්ගත් දෙදෙනාට බරපතල හානියක් සිදුවුණේ නැත.  අනතුරට පත් වූවෝ මීගමුව රෝහලට ඇතුළත් කළහ.

අද සවස් වනවිට සිවුදෙනාම මීගමුව රෝහලෙන් ටිකට් කපාගෙන නවලෝක රෝහලට ඇතුළත් වීමට සූදානම් වී සිටියහ.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

සිකුරායි ඒවියේෂන් සමාගමට අයත් මෙම පැරණි  ගුවන් යානය අද උදේ රත්මලානේ සිට සීගිරියට ගමන් කළේ  මධුසමය ගතකිරීමට මෙරටට පැමිණ සිටි ලෙබනන් ජාතික යුවලක් රැගෙන කොග්ගල බලා ගමන් කිරීමටය. යානයේ ප්‍රධාන නියමුවා වූයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු දිමුතු රුවන්පතිරණය. වයස අවුරුදු 31කි.

නියමුවරිය 27 හැවිරිදි තරුණියකි. ඇය තමාෂා අබේනායකය. පදිංචිය බත්තරමුල්ලේය. මේ තරුණ නිමුවා නියමුවරිය සහිත යානය සීගිරියට ගොස් සීගිරියෙන් ලෙබනන් ජාතික යුවල ගොඩකරගත්හ.  මධුසමයේ මියුරු දින කිහිපය ගත කරමින් සිටි ලෙබනන් ජාතික  සැමියා වසීම් මව්කාල් ය. ඔහු හතලිස් හැවිරිදි අයෙකි. ඔහුගේ යෞවන බිරිය මාරියා මව්ශල්‍යාය. ඇය විසි නව හැවිරිදිය.

යොවුන් නියමුවා සහ නියමුවරියගේ ආචාරශීලී උණුසුම් සමාගම ලබමින් නව යුවල සීගිරියෙන් ගුවන්ගත වූයේ කොග්ගල වෙරළ විඳිමින් තවත් දින කීපයක් ගතකිරීමටය.

යානය ගුවන් ගතවී  ටික වෙලාවකින් එහි එන්ජිමේ ඇතිවෙමින් තිබෙන දෝෂයක් පිළිබඳව ගුවන්නියමු දිමුතු නිරීක්ෂණය කළේය. කොග්ගල තෙක් ගුවන් කාලය යානයට පූරණය කළ නොහැකිය.  යානය පාලනයෙන් ගිලිහී යන්නට පෙර ඉක්මන් ගොඩබැසීමක් අවශ්‍ය වී තිබිණි.

ඒ වනවි කටුනායක ගුවන්තොටුපල ගුවන් පථයට දුර විනාඩි කිහිපයකි. කටුනායකට හදිසි ගොඩබැසීමක් සඳහා ගුවන් නියමුවා අවසර ඉල්ලුවේය. අදාල අවසරය  ලැබිණි. යානය ගුවන් පථය දෙසට ඉලක්ක කරගෙන ධාවනය වෙමින් තිබිණි. ගුවන් පථයට විනාඩියක දුරක් තිබිය දී යානය තවදුරටත් ගුවනේ තබා ගැනීමට නොහැකි බව ගුවන් නියමුවා තීරණය කළේය.  කටුනායක ගුවන්පථය පෙනි පෙනී පත්තායන්වත්ත වෙල්යායට පහත් කරන විටම එය නියමුවාගේ පාලනයෙන් මිදී  ඇදී ගොස් වෙල්යාය මැදින් දිවෙන මාවතේ ගැටුනේය.

සිදුවූයේ කුමක් දැයි නව යුවලට අදහාගත නොහැකි වූයේය. නියමු මැදිරියේ ඉදිරි කොටස කුඩුපට්ටම් වුවද නියමුවාට සිදුවී තිබුණේ සුලු තුවාල පමණි.

මහා ශබ්දයක් ඇසී අවට සිටින ගැමියන් දුවගෙන එන විට ගුවන් නියමු දිමුතු සහ  ලෙබන්න ජාතික සැමියා වසීම් යානයෙන් පිටතට පැමිණ සිටියහ. ගුවන් නියමුවරිය වූ තමාෂා සිටියේ සුළු තුවාල සහිතව කම්පනයෙනි. තරමක තුවාල ලබා සිටි යොවුන් බිරිය මාරියා ඔසවා තැබීමට උත්සාහ කරනවාට වඩා ගිලන් රථ සේවාවට දැන්වීම හොඳ යැයි තීරණ කර තිබිණි.

දිමුතු සහ වසීම් ත්‍රීවිල් රථයකින් මීගමුව රෝහල වෙත පිටත් කර යැවිනි. තමාෂා සහ මාරියා    රෝහලට පිටත්කර තිබුණේ ගිලන් රථයකිනි. ගිලන් රථයට රැගෙන එනතුරුත් මාරියා මහ හඬින් හඬමින් සිටියාය.

දෙවියන්ගේ පිහිටෙන් බරපතල අනතුරක් නැත. ඔවුන් ජීවතුන් අතරය. එහෙත් මේ මධුසමයේ මාරක අත්දැකීම වසීම්ගෙන් හෝ මාරියාගෙන් ඉවත් වී යන එකක් නැත. ඒ කම්පනය ලැබුවේ ඔවුන්ගේ ජීවිතවල  සැලසුම් කළ මියුරුම  දින කීපය තුළය.  මේ සිදුවීම් අපට යළිත් වරක් සිතන්නට යමක් ඉතිරිකර ඇත. ව්‍යාපාරයක් කරනවිට මීට වඩා මිනිස්සුන්ගේ ජීවිත ගැන කල්පනා කළ යුතුව තිබේ.

එක අතකට පාරේ යන්නට බැරි ලදරං වාහන යොදාගෙන පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නට අනුමැතිය ලැබෙන රටක ටකරන්වලින් හැදූ ප්ලේන් ගුවන්ගතවීම අරුමයක් වන්නේ නැත.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉඩම් ප්‍රශ්නයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළැයි කාන්තාවකගෙන් සංචාරක ඇමති මිලියන 500ක වන්දියක් ඉල්ලයි

Next Post

මැලේරියාව රටින් තුරන් කළ අප යළි මැලේරියා අවදානමක වැටුණු හැටි සෞඛ්‍ය අංශ කියයි!

Related Posts

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

අගෝස්තු 10, 2022

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

අගෝස්තු 10, 2022
Kashmir

කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි

අගෝස්තු 10, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…
  • කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි
  • ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි
  • තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ජනප්‍රිය පුවත්

  • ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

    241 shares
    Share 96 Tweet 60
  • සර්ව පාක්ෂික ඇමති මණ්ඩලය පත්කර ගැනීම අවුලෙන් අවුලට.. ඇමති ධුර 30ට 50ක් ඉදිරිපත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

    224 shares
    Share 90 Tweet 56
  • පොහොට්ටුවෙන් වෙන් වූ වසන්ත යාපාට සහ තිලක් රාජපක්ෂට මරණීය තර්ජන! කතා නායක නියමයෙන් පරීක්ෂණයක්….

    173 shares
    Share 69 Tweet 43
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    208 shares
    Share 83 Tweet 52
  • ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

    208 shares
    Share 83 Tweet 52

Highlights

ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට අර්ජුණ රණතුංග පත්වේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

by editor
අගෝස්තු 10, 2022
0

කොටහේන කෝටිපති උන්ඩියල් ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල...

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

by editor
අගෝස්තු 10, 2022
0

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist