එජාප පාලනය යටතේ පවතින මහනුවර ගඟවට කෝරළය සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවල සභාපතිවරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම ධූරයෙන් ඉවත් කරනු ලැබ තිබේ.
සභාපතිවරු දෙදෙනා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (04) නිකුත් කර ඇත.
ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ සුභාෂ් යටවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රණසිංහ දිසානායක මෙලෙස ඉවත් කරනු ලැබ ඇත්තේ පිට පිට දෙවතාවක් අයවැය පරාජයට පත්වීම හේතුවෙනි.
නව සභාපතිවරයෙකු පත්කර ගන්නා තෙක් එම ධූරයේ වැඩ බැලීම උපසභාපතිවරුන්ට පවරා තිබේ.
මේ අනුව ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට රුවන් ප්‍රනාන්දු ද හඟුරන්කෙත ප්‍රදේශිය සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට ලක්ෂ්මන් බාලසූරිය ද පත්ව ඇත.
පළාත් පාලන පනතේ 168 (2) යටතේ අයවැය දෙවරක් පරාජය වුවහොත් සභාපතිවරයාට එම ධූරය දැරිය නොහැකි බවත් ඒ අනුව අලුතින් සභාපතිවරයෙකු පත්කර ගන්නා තෙක් සභාපති ධූරයේ වැඩ බැලීමට උප සභාපතිවරයාට බලය ලබාදුන් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.