අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මද්‍යසාර සහ දුම්වැටි බදුවලින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මෙතෙක් මොනවද කළේ?… විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මද්‍යසාර බදුකරණය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කළ බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය අවම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීමට රජය මෙතෙක් ගෙන ඇති පියවර කවරේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලි‌මේන්තුවේ දී  ප්‍රශ්න කළේය.

පාර්ලිමෙන්තුවේ ප්‍රශ්න ඇසීමේ 27 -2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ රජය ගෙන ඇති පියවර තුළ නීත්‍යනුකූූලමද්‍යසාර සහ දුම්වැටි භාවිතය පාලනය වී තිබුණද නීති විරෝධී  මද්‍යසාර සහ දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බවටද වාර්තා වන බවයි.Cancer-Risks-for-Cigarette-Smokers

එහිදී විපක්ෂ නායකවරා විසින්   කරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

මත්ද්‍රව්‍ය අධෛර්යමත් කිරීමට සෑම රටක්ම පාහේ ක්‍රියා කරනුයේ ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම ආර්ථික සහ සමාජ සංවර්ධන ක්‍රියාවලියේ මූලිකාංගයක් වන බැවිනි. මෙරට ද සෑම රජයක්ම පාහේ මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. එම ක්‍රියාමාර්ග නිසා මද්‍යසාර හා දුම්වැටි නීත්‍යානුකූල ලෙස භාවිතා කිරීම අඩු වුව ද නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර භාවිතය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දුම්වැටි හා මද්‍යසාර බදුකරණය තුළින් රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සෑම රජයකම අරමුණක් වුව ද මෙරට මද්‍යසාර හා දුම්වැටි බදුකරණය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම, බදු ගණනය කිරීම් වලදී සිදුවන දූෂණ මෙන්ම බදු ගෙවීමේ දී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ආයතන විසින් සිදු කරනු ලබන අක්‍රමිකතා නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව පෙනී යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වේ. ඒ සඳහා මෙරට මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින් ම අවම වීම සිදු කළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතුයි. එපමණක් නොව, ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ජනතාව විසින් පාරිභෝජනය කරනු ලබන දුම්වැටි හා මද්‍යසාර සඳහා නිසි ප්‍රමිතියක් පවත්වා ගැනීමට කටයුතු කිරීම ද අත්‍යාවශ්‍ය කරුණක් වේ.

තව ද සියලුම මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදු කළ යුතුයි. දුම්වැටි හා මද්‍යසාර බදු ගණනය කිරීම් වල දී එය විධිමත් යාන්ත්‍රණයකට නතු කළ යුතුයි.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද?..
  2.  පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර මගින් ලැබෙන බදු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණ ද? එය සමස්ත රාජ්‍ය ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් ද? දුම්වැටි හා මද්‍යසාර මගින් ප්‍රමාණවත් බදු මුදලක් අය වන්නේ යැයි රජය සිතන්නේ ද? නොඑසේනම්, ඉදිරියේ දී මෙමගින් අය කෙරෙන බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ ද?
  3.  දුම්වැටි හා මද්‍යසාර සඳහා බදු අය කරනු ලබන ක්‍රමවේදය කුමක් ද? ගෙවිය යුතු බදු නිශ්චය කිරීමේ දී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදිත ප්‍රමාණයන් ගණනය කරනු ලබන යාන්ත්‍රණය කුමක් ද? එහි පාරදෘශ්‍යභාවය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි ද?
  4. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මද්‍යසාර බදුකරණය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කල බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා සහ දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය අවම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන්නේ ද? ඒ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේ ද?
  5. පසුගිය වසරේ දුම්වැටි හා මද්‍යසාර භාවිතය හේතුවෙන් සෞඛ්‍ය අංශය සඳහා රජයට දැරීමට සිදුව ඇති වියදම කොපමණ ද? එය පෙර වසර හා සැසඳීමේ දී වැඩිවීමක් ද? අඩුවීමක් ද?
  6. දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත තුළ සඳහන් වන පරිදි දුම්වැටි හා මද්‍යසාර පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් වුව ද වක්‍රාකාරව විවිධ ප්‍රචාරණයන් සිදු වේ. එවැනි වක්‍රාකාරයෙන් සිදුවන ප්‍රචාරක දැන්වීම් වළක්වාලීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබේ ද? ඒ මොනවා ද?
  7. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන්ට දුම්වැටි හා මද්‍යසාර නිවාරණ අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ ද? එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් ඇගයීමක් සිදු කර තිබේ ද? එසේනම්, එහි යම් ප්‍රගතියක් පවතී ද?
Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති තුන්වන චාල්ස් රජු සමග පිළිසඳරක්…

Next Post

ජොනීට – රෝහිතට කැබිනට් ඇමතිකම් ලබා දෙන්න නාමල් නටන නැටුමට ආණ්ඩුවෙන්ම අප්‍රසාදය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.