අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලේ වරදින් කරන්ට් වැදී මරුණොත් ආණ්ඩුවෙන් ලක්ෂ 10ක්

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇතිවන දෝෂ සහ දුර්වලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට හැකිවන පරිදි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රක්ෂණ සංස්ථාව සමඟ සිදුකළ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

එමෙන්ම ක්ෂණික විදුලි බිඳවැටීම් වැනි හේතූන් නිසා ගෘහ විදුලි උපකරණවලට සිදුවන අලාභයන් පූරණය කිරීම සඳහා ද මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කළ බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී පැවති විදුලිබල අමාත්‍යාංශයේ සහ පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

නඩත්තු කටයුත සඳහා විදුලිය විසන්ධි කිරීමේ දී එය සතියකට පෙර අදාළ පාරිභෝගිකයන් වෙත දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදේශක කාරක සභාවේදී දැනුම් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළාත් පාලන ආයතනවලට අයත් ප්‍රදේශ වලට වීදි පහන් සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් එසේ සැපයෙන වීදි පහන් වලට අදාළ ප්‍රමිතියක් ඇති කිරීමටත් කාරක සභාවේදී තිරණය විය.

විදුලිබල මණ්ඩලය විසින් වීදි පහන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන දෙකක මුදලක් වැය කරනු ලබයි.

විදුලි බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමට නොහැකි ප්‍රදේශවලට සූර්ය බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.

අකුණු සක්‍රීය ප්‍රදේශවල අකුණු හේතුවෙන් විශාල වශයෙන් දේපළ විනාශයට පත්වීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුවූ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා කොට මේ සම්බන්ධව විසඳුමක් ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

රට තුළ සූර්ය ජනන බල කට්ටල (Solar Panel) සවි කිරීමේ දී විධිමත් ක්‍රමවේදයක් සහ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොවන ක්‍රියාවලියක් ඇති කළ යුතු බවටද මෙහි දී අවධානය යොමු විය. මේ සඳහා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මඟින් නියාමන ක්‍රියාවලියක් ආරම්භ කරන බව පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා සූර්ය ජනන බල කට්ටල ලබාදීම සඳහා ඉන්දීයානු ණය යොජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 100ක් ලැබීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමගින් රාජ්‍ය ආයතන වල විදුලිබිල් සඳහා වැයවන විශාල මුදල ක්‍රමයෙන් අඩු කර ගැනීම මෙහි අරමුණයි. මේ සමගම ආණ්ඩුවේ ආයතනවල වහලවල් සූර්ය ජනන බල කට්ටල සවි කිරීම සඳහා කුළියට ලබාදීම මගින් ආදායම් ඉපයීමේ වැඩපිළිවෙලක්ද යොජනා කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිදු ව්‍යාපෘතියකට විදේශ ණය නොගැනීමට රජය තීරණය කරයි

Next Post

භූමිදානය ඉල්ලා රෝහල්වල අත්හැර ගිය මල සිරුරු ජනපති අණින් ආදාහනයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.