බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩාගාරයේ මුදල් නැති ලු… “අභිමානවත්” 75වන  නිදහස් සමරු පා පැදි සවාරි ජයග්‍රාහකයින්ගේ තෑගි මුදලටත් පොල්ලක්!…

by editor
මැයි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිදහස් පාපැදි සවාරියට මාස 03යි… පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නිදහස් සමරා  දවස් 04ක් පැද්ද පැදිල්ලේ දුක ගැන ජයග්‍රාහකයෝ  කියති!

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පසුගිය ජනවාරි මස 31 සිට පෙබරවාරි 3 දක්වා පැවැති නිදහස් පාපැදි සවාරිය නිමාවට පත්වී මාස තුනකට අධික කාලයක් ගතවූවත් එම තරගයේ ජයග්‍රාහකයන්ට මෙතෙක් තෑගි මුදල හෝ කුසලාන පිරිනැමීමක් සිදු වී නැති බව ලංකාසරට වාර්තා වේ.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර් 571.5ක් ආවරණය කරමින් පැවැති දැවැන්ත පාපැදි සවාරිය ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබූ බව ද වාර්තා වේ.

දින 4ක් පුරා පැවැති මේ දැවැන්ත පාපැදි සවාරියේ අතිවිශාල තරගකරුවන් පිරිසක් සහභාගි වී ඇති අතර, ජයග්‍රාහකයාට මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක් ද, දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ පහක් ද, තුන්වැනි ස්ථානයට ලක්ෂ දෙකහමාරක් ද පිරිනැමෙන බව තරගයට දින ගණනාවක සිට නිවේදනය කර තිබේ.

එහෙත් තරගයේ අවසන් දිනයේ දෙවුන්දර තුඩුවෙන් තරගය නිමාවට පත්වීමෙන් පසු මුදල් ත්‍යාග හෝ කුසලාන පිරිනැමීමක් සිදුවී නැති අතර, පසුව එම ත්‍යාග මුදල් ලබා දෙන බවට පාපැදි සම්මේලනය තරගකකරුවන්ට පොරොන්දු වී තිබේ. තරගයේ පිරිනැමෙන බව නිවේදනය කර ඇති සමස්ත ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 25කට අධික බව ද වාර්තා වේ.

සිව්වැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා ද මුදල් ත්‍යාග පිරිනැමෙන බවත්, කණ්ඩායම් ජයග්‍රාහකයන්ට, එක් එක් දිනයේ තරගය ජයගන්නා තරගකරුවන්ට, අවුරුදු 23න් පහළ දක්ෂතම තරගකරුවාට ද ත්‍යාග පිරිනැමෙන බව දැනුම්දී තිබුණ ද ඒ කිසිදු ත්‍යාගයක් අද වනතුරු ලැබී නැතැයි ඊට සහභාගි වී ජයග්‍රහණ අත්කරගත් තරගකරුවෝ මැසිවිලි නඟන බව ද වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සමස්ත තරගයේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන අත්කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තරගකරුවන් සමත් වී ඇති අතර, ගුවන් හමුදාව, නාවික හමුදාව, වරාය අධිකාරිය ඇතුළු රජයේ ආයතන රැසක තරගකරුවන් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්වී තිබේ.

අභිමානවත් නිදහස සමරමින් මෙවැනි දැවැන්ත පාපැදි සවාරියක් පැවැත්වූවද ඒ සඳහා තරගකරුවන්ගේ මුදල් ත්‍යාග පිරිනැමීම සම්බන්ධව පාපැදි සම්මේලය තරගකරුවන්ට පවසා ඇත්තේ භාණ්ඩාගාරයේ මුදල් නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටින් පැනගත් පසු ජෙරොම් පාදිලිට එරෙහිව ගුවන් ගමන් තහනමක්!

Next Post

චීවරධාරියෙක් සමග අනියම් සබඳතාවයක් පවත්වන ගැහැණියක් සිය 11 හැවිරිදි දියණියත් එම චීවරධාරියාටම දූෂණය කරන්න දීලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.