බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරැල්ලේ  චීනා කොටි 04ක් වත්කම් කොල්ල කෑ බවට කර ඇත්තේ බොරු පැමිණිල්ලක්…

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • කැසිනෝ ගසා පැරදුන නිසා බොරු අපරාධයක් මවලා…ඔහු වරාය නගරයේ ආයෝජනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙක් නොවේ… පිරමීඩ ජාවාරම්කරුවෙක්!

තම නිවසට පැන කෝටි හතරකට ආසන්න වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවට බොරැල්ල පොලිසියට පසුගිය 20 දා අලුයම පැමිණිල්ලක් කළ  බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ පදිංචිව සිටි කෝටිපති චීන ජාතිකයා සිදුකර ඇත්තේ බොරුවක් බවත් ඔහු වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාරිකයෙක් නොව, අන්තර්ජාතික පිරමීඩ ජාවාරමක් රට තුළ සිට මෙහෙයවන ජාවරම් කරුවෙක් බවත්  විමර්ශනවලදී හෙළි දරව් වී ඇත.

අපරාධකරුවන් කණ්ඩායමක්  නිවසට පැන කොල්ල කෑ බව කියමින් ඔහු විසින් පිටපතකට අනුව බොරු පැමිණිල්ලක් කරන්නේ කැසිනෝ සූදුවට ගොස් පිරමීඩ ජාවාරමින් රැස් කරගත්   කෝටි ගණනක මුදල් පරාජය වීම සිය හවුල්කරුවන්ගෙන්  වසන් කරගැනීමට    බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ වනවිට දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් බොරු පැමිණිලිකාර චීන ජාතිකයා ඇතුළු චීන ජාතිකයින් දෙදෙනෙක්,  ඔහුගේ භාෂා පරිවර්තක සහ තවත් පුද්ලයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කොළඹ වරාය නගරයේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින්  Su Zu Qing නැමැති මෙම 38 හැවිරිදි චීන ජාතිකයෙක් පසුගිය 20 දා අලුයම  පොලිසියට පැමිණිලි කරමින් දන්වා සිටියේ   19 දා රාත්‍රී කාලයේ දී නිවසට කඩා වැදුන පිරිසක් කෝටි හතරකට ආසන්න දේපල සහ වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනෙක් තමන්ටත් , තම භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා   අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්, ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද,  ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්,  සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකෑ බවට මෙම චීන ජාතිකයා පැමිණිලි කර තිබිණි.

නමුත් විමර්ශනය ආරම්භයේ දී මේ පැමිණිල්ලේ ගැටලු සහගත ස්ථාන රාශියක් විමර්ශකයන්ගේ අවධානයට ලක් වූයේය.

ඒ ඔස්සේ පරීක්ෂණ කරගෙන යනවිට විමර්ශකයින්ට හෙළි වූයේ   කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතවන බව කී මෙම චීන ජාතිකයා එවැනි ආයෝජකයෙක් නොව, ජාත්‍යාන්තර පිරමීඩ ජාවාරමක නිරතවන පුද්ගලයෙක් බවය.

ඔහු මෙම ජාවාරම තවත් චීන ජාතිකයන් කීප දෙනෙක් සමග එක් වී රට තුළ මෙහෙයවා ඇත.

නීති විරෝධී ජාත්‍යාන්තර  පිරමීඩ ජාවාරම මේ පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇත්තේ මාසික රුපියල් ලක්ෂ 07ක කුලියකට ගත් බොරැල්ලේ  ලේක්ඩ්‍රයිව්හි නිවස කේන්ද්‍ර කරගෙන කොළඹ 07 කුරුඳුවත්ත පිහිටි ස්ථානයක බව ද විමර්ශන අංශ කියයි.

ලැබුන තොරතුරු මත පොලිසිය කුරුඳුවත්තේ එම  ස්ථානය වටලන අවස්ථාව වනවිට එහි වැඩ කරමින් සිටි චීන ජාතිකයින් 15ක් පමණ  එම ජාවාරම පවත්වාගෙන යන ලැප්ටොප් පරිගණක 40ක ප්‍රමාණයක් රැගෙන පලා ගොස්    ඇතැයි විමර්ශන අංශ අනුමාන කරයි.

ජාවාරමේ මුදලින්  කැසිනෝ ගසා පරාජය වූ පසු එය වසන් කරගැනීමට සකස් කළ මෙම අපරාධ සැලසුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  චීන ජාතිකයාගේ  භාෂා පරිවර්තක වූ රියදුරුට ලක්ෂ 15ක මුදලක් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.

දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

මේ ලිපියත් කියවන්න….

 

අත් පා බැඳ දමා කෝටිපති චීන ව්‍යාපාරිකයෙකුගේ බොරැල්ලේ නිවස කොල්ල කාලා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව යා කර පාළම් තනන්න පෙර මහජන මතය විමසන්න… මේ රට වහල්කම් කළ රටක් නෙමෙයි… යටත් විජිතයක් වුනේ නායකයන්ගේ පාවා දීම් නිසා… කාදිනල් හිමියෝ කියති…

Next Post

රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයේ ගිලී පළමු වසරේ සිසුවෙක් මරුට!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.