බේරුවල මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන් 05 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ 288 ක හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට මෙරට සිට මෙහෙයවු ප්‍රධාන සැකකරු බවට සැකකරනු ලබන තැනැත්තා මේ වනවිට පොලිසිය මහ හරිමින් සිටින බව පොලිස් මූලස්ථානය කියයි.
රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම කර තිබුණි.
කළුදුර චමින්ද තාබ්‍රේවච් නොහොත් බොබ් මාලි නමැති ඔහු අංක 128/09, නිසංසලා මාවන, තලාහේන, මාලඹේ සහ අංක 522/1/2, සල්මල් මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල යන ලිපිනවල පදිංචි අයෙක් බව පොලීස් මූලස්ථානය කියයි.
සැකකරු අවුරුදු 41 ක් වන රැකියාව ලෙස බහුදින යාත්‍රා නියමුවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.
පොලිස් මූලස්ථානය අද නිවේදනය කළේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් පොලිිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 071-8592727 යන අංකයට හෝ 011-234333 -4 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසය.