බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බේරුට් පිපුරුම සිදුවූයේ කෙසේද?

by Lanka Sara Editor
අගෝස්තු 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෙබනනයේ බේරුට් නගරය මැද පසුගියදා අගහරුවාදා සිදුවූ දැවැන්ත පිපිරීමේ කම්පනය ලෝකයටම දැනුණි. මෙම පිපිරීමක් සමඟ වෛරසයකටත් වඩා වේගයෙන් පැතිර ගිය එම පිපිරීමේ බිහිසුණුකම දිස්වෙන වීඩියෝ දර්ශන ලෝකයම කම්පනය කළේය. එය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න පිළිබඳව යන සැකය ලොව පුරා පැතිර ගියද පිපිරුමෙන් විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් අවබෝධ වූ කරුණක් වන්නේ එය බීරුට් වැසියන් බලාපොරොත්තුවෙන් සිටි දැවැන්ත පිරිරුමක් බවය.

ප්‍රහාරයෙන් මොහොතකට පසුව ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයාම නිල වශයෙන් ප්‍රකාශ කළේ මෙම පිපිරීමට ලක්වූයේ බෝම්බ නිෂ්පාදනයට මෙන්ම පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් ගබඩා කර තිබූ ගබඩාවක් බවය.එය දෛවය විසින් ලෙබනනයට එවූ පාවෙන බෝම්මබයක් ද යන කතාව මේ වනවිට ලෝකය පුරා ප්‍රචලිතව ඇත්තේ මෙය වසර හතක් තිස්සේ බීරුට් නගරය අවදානමකට ලක් කරමින් පැමිණි අනතුරක් බව එරට කවුරුත් දැන සිටි නිසාය.

ජීවිත 140ත් පමණ බිලිගත් පන්දහසකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් බීරුට් වරාය ආසන්නයේ ජලය පිරි විලක් වැනි දැවැන්ත ආවාටයක් තනමින් මෙලෙස පිපිරුමකට ලක් වූ ඇමෝනියම් නයිට්‍රේට් තොගය 2013 වසරේ ලෙබනනයට පැමිණියේ රුසියානු බංකොලොත් ව්‍යපාරිකයකු නිසා මාර්ගයෙන් බව වාර්තා වේ. මෙම ඇමෝනියම් නයිට්‍රෙට් තොගය රුසියානු නාවික සේවා ව්‍යාපාරිකයකු වන ඉගෝ ග්‍රෙතුස්තින් ට අයත් MV Rhosus නමි නැවෙන මොසැම්බික් රාජ්‍යය වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත. මෝල්ටෝවා රජයේ ධජය යටතේ ධාවනය වුණු මෙම නැව දැවැන්ත ඇමෝනියා නයිඨ්‍රෙට් තොගයක් ප්‍රවාහනය කිරීම භාර ගැනීම පිළිබඳව නෞකා කාර්ය මණ්ඩලය පවා විරෝධය පළ කොට තිබිණ. එයට හේතුව එහි පැවැති අවදානම් සහගත බවය. මේ නිසා ඔවුන් මෙය අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇත්තේ ඔවුන් වැඩ කරන නෞකාව පාවෙන බෝම්බයක් ලෙස හඳුන්වමිනි.

මොසැම්බික් බලා ගිය මෙම නෞකාව පෙර සැලසුම් නොකළ පරිදි බීරුට් වරායට සේන්දු කරවීමට ග්‍රෙතුස්තින් කටයුතු කර ඇති අතර ඔහු තම ව්‍යාපාරය බංතොලොත් වීම නිසා මෙම නෞකාව රසායනික ද්‍රව්‍ය තොගය සමගින්ම බීරුට් වරායේ අතහහැර ඇත. එයින් පසුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය බීරුට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඒ ආසන්නයේ ඇති ගබඩාවක ගබඩා කර තිබුණද එරට බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් අති වූයේ එය එලෙස ගබඩා කිරීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවය. විශේෂයෙන්ම මෙම රසානික ද්‍රව්‍ය්‍ය ගබඩාව බීරුට් හි නිතර ජනාකීර්ණ වන සාප්පු සංකීර්ණ ඇතුළු ජනාකීර්ණ ප්‍ර ‍දේශයක පැවතී අනතුරුදායක බව එහිදී ප්‍රකාශ වුණි. එසේම යම් පිපිරීමක් එහි ඇති වුණහොත් එයින් මුලු බීරුට් නගරයම විනාශ වී යා හැකි බවට ප්‍රකාශ වුණි. මේ කතා කිසිවක් ගැන එරට රජය ලොකු අවදානයක් යොමු නොකළ බව පෙනෙන්නේ මෙම සිදුවීම වන්නට ඉඩ හැරීමෙනි.
දැනට සයිප්‍රසයේ ජීවත් වන මෙම කෝටිපති රුසියානුවා කවර අරමුණකින් මෙම රසායනික් ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළේද ඒවා හදිසියේ සැලසුම් නොකළ පරිද්දෙන් බීරුට් හී අතහැරියේ තවර හේතුවක් නිසාද යන්න සිදුවීමෙන් හත් අවුරුද්දක් ගක වී ඇතත් බලදාරීන්ට පැහිදලි කර ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙම නැවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩලය මාස කිහිපයක්ම ලෙබනන් බලධාරීන් විසින් රඳවාගෙන සිට ඇති අතර ඔවුන් නීතීඥයන් මාර්ගයෙන් අධිකරණයට පවසා ඇත්තේ නැව හිමි රුසියානු වයාපාරිකයා තම ව්‍යාපාර බංකාලොත් බව පවසා ඇති වුවත් එහි කාර්ය මන්ඩලයද වැටුප් පවා නොගෙවා අතහැර දමා ඇති බවය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

කෙසේ වුවද කිසිදු ගඳක් සුවඳක් නැති කැට ස්වබාවයෙන් පවතින ඇමෝනියම් නයිට්‍රෙට්වල භාවිතවන් සහ භයානකකම් ගැන ලෝකයටම අවබෝධයක් ඇත. එවැනි අවබෝධයක් තිබියදීත් මේ තරම් ලොමු ඩැහැ ගැන්වෙන දැවන්ත පිරිරුමක් සිදු කොට ජීවිත, දේපළ ගණනාවක් අකර්මණය කළ ඒ සිදුවීම නොසැලකිලිමත් කම පිළිබඳව ලෝකයාට ලොකු පාඩමක් මේ වනවිට කියා දි ඇත.

බේරුට් වරායට රසායනික ද්‍රව්‍ය ගෙනා නැව

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඩෙල්ෆ්ට් ඇතුලු දූපත් වල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානාවක්

Next Post

කුරුණෑගල නගරාධිපති සහ නාගරික කොමසාරිස් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් නියෝගයක්

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.