බෙලරුස් හි ග්‍රොඩ්නෝ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධයාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙක් සිය දිවි නසාගෙන තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ තිෂාන් කුලරත්න නැමැති සිසුවෙකි.
මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහා බෙලරුස් හි ග්‍රොඩ්නෝ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත.
ඉතාම දක්ෂ සිසුවෙක් සේ සරසවිය තුළ ප්‍රසාදයට පත් වී සිටි තිෂාන් කුළරත්න සියලුම අවස්ථාවල සිය සගයන්ගේ අධ්‍යාපනයට උපකාරකළ තරුණයෙක් ලෙස ප්‍රකටව සිටි බව වාර්තා වේ.
දෙමව්පියන් සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම තරුණ සිසුවා සිය මවගේ දුරකතන පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ බව එම මව තිෂාන් ගේ මිතුරන් වෙත දන්වා ඇත.
ඒ අනුව සිසුන් කිහිප දෙනෙකු ගොස් නේවාසිකාගාරයේ තිෂාන් කුලරත්න සිසුවා සිටි කාමරය විපරම් කිරීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයා ගෙන ඇතැයි වාර්තා වේ.