බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්සේ අධි ආරක්ෂිත බනධනාගාරයේ සිට බිලියන 09කට වැඩි කුඩු රටට ගේන්න හැදූ දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ ගේ තවත් කුඩු බෝට්ටුවක් ගැන නාවික හමුදාව සෙවිල්ලෙන්…

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
දෙවුන්දර ධීවර වරායේදී  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නිරීක්‍ෂණය කළ අයුරු...

දෙවුන්දර ධීවර වරායේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නිරීක්‍ෂණය කළ අයුරු...

Share on FacebookShare on Twitter

නාවික හමුදාව විසින් දෙවුන්දර සිට දකුණු දෙසින් කීලෝමීටර 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ රුපියල් බිලියන 4.5 (කෝටි 450) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634ක තොගයේ මෙරට ඇණවුම්කරුවන් ලෙස බූස්ස බන්ධනාගරයේ රඳවා සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලු  නැමැති   මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම අපරාධකරුවන් දෙදෙනා ඒ අනුව රට තුළට ගෙනේනට සැලසුම් කර තිබූ දැනට අත් අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප්‍රමාණයේ වටිනාකම බිලියන 09 ඉක්මවයි.

ඊයේ    කොළඹ  වරායට රැගෙන පැමිණි,   උර නවයක් (09) තුළ පාර්සල් දෙසීයක (200) ලෙස අසුරා තිබූ  හෙරොයින් කිලෝ ග්‍රෑම් 219 ගෑම් 634ක    මත්ද්‍රව්‍ය  තොගයත්, පසුගිය 22 දා දෙවුන්දර ගෙනා මත්කුඩු  කිලෝ 200 ග්‍රෑම් 310ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයත්  සමග මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 419යි ග්‍රෑම් 944කි.

අවස්ථා දෙකේදී  අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය රටේ කුඩු පාතාලයන් ගණනාවකගේ  ඇනවුම් මත පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධිකරණය කර   ශ්‍රී ලංකාව ආසන්නයේ ජාත්‍යාන්තර මුහුදු තීරයට ගෙන්වා ඇත්තේ   ඩුබායිහී රැඳී සිටින මෙරට ප්‍රධාන පෙළේ  මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු ද අනාවරණය වී ඇත.

මෙම ගෙනා මත්කුඩු තොගයේ බර ටොන් එකක් පමණ වනු ඇතැයි විමර්ශන අංශ පුරෝකථනය කරයි. එම යාත්‍රාව පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට  පැමිණ තිබේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අනතුරුව මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු තුනකට පටවා ඇත.  අනාවරණය වූ කරුණු මත බෝට්ටු දෙකක් අත් අඩංගුවට ගත් නමුත්  ඉතිරි මත් කුඩු තොගය පටවා ගත් තුන්වැනි බෝට්ටුවක් ද තිබී ඇත. එම බෝට්ටුව  සොයා  මේ වනවිට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

දෙවුන්දර තමිල් සහ පැපොල් කලූගේ  මෙහෙයුම් වගකීම වී අත්තේ  ජාත්‍යාන්තර මුහුදු සීමාවට පැමිණි මත් කුඩු තොගය  රට තුළට ගෙන ඒම සඳහා පහසුකම් සම්පාදනය කර රට තුළ සිටින අනවුම්කරුවන් වෙත ලබා දීම බව හෙළි වී ඇත.

මත් කුඩු සමග අත් අඩංගුවට ගෙන  දෙවුන්දරට වරායට ගෙනා  බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් වන  දෙවිනුවර පදිංචි නිහාල් ශාන්ත, ජයලාල් රණතුංග, සයුර දීපන්, ජයන්ත ඉහළගේ යන සැකකරුවන් සිවු දෙනා  මේ මස 28 වන දින තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්   ඊයේ (24)  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබා දී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විවාහ වී සති  තුනයි… තරුණ සැමියා බිරිය මරා වළ දමා පලාගොස් සිටිය දී පොලිස් අත් අඩංගුවට…

Next Post

ඉන්දියාව තිගැස්සූ චීන අධි තාක්ෂණික නැව Shi Yan 6 අද පස්වරුවේ කොළඹ වරායට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.