බිත්තර බරට විකුණන ගැසට් එක නිකුත් වෙනකම් අපි දන්නේ නෑ… හිතූමතේ ගහන ගැසට් ප්‍රායෝගික වෙන්නෙ නෑ… බිත්තර නිශ්පාදකයෝ කියති!

කීර්ති ප්‍රනාන්දු –

අද (20) සිට ක්‍රියාත්මකවන පරිදි බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඇති වී තිබෙන ගැටලුවට කිසිම සාධාරණ විසඳුමක් ඉදිරිපත් කර නැතැයි බිත්තර නිශ්පාදකයෝ පෙන්වා දෙති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  මගින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව සුදු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 880කි.  දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 920කි.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්  සහ දුඹුරු බිත්තරය උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක පවසන්නේ මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර නිශ්පාදකයින් සමග කිසිම සාකච්ඡාවක් පැවැත්වීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බවය.


බිත්තර බරට විකුණන ලෙස මුලින්ම යෝජනා කළේ බිත්තර නිශ්පාදකයින් බවත් එසේ ඉල්ලීමක් කළේ නිශ්පාදකයාට සහ පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් කළ හැකි ක්‍රමවේදයක් ඉන් ඇතිකළ හැකි නිසා බවත් ඔහු පෙන්වා දුන්නේය.

නමුත් සිදුවී ඇත්තේ රජය නියම කළ රුපියල් 44ක සහ රුපියල් 46ක මිල ඒ අයුරින්ම පවතින ලෙස බිත්රයේ බර මධ්‍යයන අගයකට ගෙන බර සදහා ගැසට් නිවේදනය නිකුත් කිරීම බවය.

“ මේ බිත්තර කිලෝ එකක් තව රුපියල් 20ක් වැඩි කළා නම් නිශ්පාදකයා සහ පාරිභෝගිකයා කියන දෙපාර්ශවයම රැකෙනවා.  ඉන්දියානු බිත්තරයක සාමාන්‍ය බර ග්‍රෑම් 35යි… අපේ බිත්තරය බර ග්‍රෑම් 50යි..  ග්‍රෑම් 40  සිට 55 දක්වා බරක් අපේ බිත්තරවල තියනවා.”

“ රජය ගැසට් නිවේදනයක් නිකුත් කළාම අපට ඊට එරෙහිව කතා කරන්න බෑ… ඒත් අපි කියන්නේ වෙළෙඳපල තත්ත්වය මීට වඩා වෙනස්. එතකොට ගැසට් ගැහුවට ගැසට් නිවේදන ප්‍රායෝගික වෙන්නේ නෑ…”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ  සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසුවේය.

Exit mobile version