අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තර නැතිනම් කරවල මාලු කන්නලු… සත්ත්ව නිෂ්පාදන දෙපාරත්මේන්තු ලොකුම පුටුව බිත්තර මාෆියාවේ රූකඩයක් වූ හැටි කෝප් කමිටුව කියයි!

by editor
ජනවාරි 21, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

රටේ මිලියන 22ක් ජනතාවට අඩුම වියදමකින් ගත හැකි ප්‍රෝටීන ආහාරය වන බිත්තර පහසු මිලට ලබා දීමට කවර පියවරක් ගත්තද එයට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විරුද්ධ වන බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය වාර්තාවක් මඟින් බිත්තර ගත නොහැකි නම් ප්‍රෝටීන අවශ්‍යතාව කරවල හා මාලුවලින් ලබා ගත හැකි බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිමාලී කොතලාවලට දැඩි විවේචනයක් එල්ල කළේය.

ඒ පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති පොදු ව්‍යාපාර කාරක සභාවේදී බිත්තර මිල සම්බන්ධ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව හමුවට එදින වෙළෙද අමාත්‍යංශය පාරිභෝගික අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ගෙන්වා තිබුණු අතර බිත්තර මිල සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.

මෙහිදි අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රී නිමල් ලන්සා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේදීත් බිත්තර අඩු මුදලට පාරිභෝගිකයන්ට ලබා ගැනීම සඳහා පිටරටින් ආනයනය කිරීමට උත්සාහ කිරීමේදීත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තදින් විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා පදනම් කරමින් මෙම කරුණ සනාථ කිරීමට උත්සාහ කළේ මෙසේය.
“ ඔබතුමියට අවශ්‍ය කොහොම හරි මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න. දෙපාර්තමේන්තුව හැදූ බිත්තරයක මිල තීරණය කිරීමේ සාධක බැලුවාම එය සුළු පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට හැදුවත් දැන් සුළු පරිමාණ ව්‍යාපාරිකයනුත් නැතිවෙලා. නමුත් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් අධික ලාබ ලබනවා. “

“අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉදිරිපත් කරන සෑම වාර්තාවකින්ම පේන්නේ උපරිම සිල්ලර මිලකින් මිල පාලනය කිරීමෙන් හෝ ආනයනය කිරීමෙන් මිල අඩු කර පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට හැම විටෙකම විරුද්ධ බවයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම ඒක පෙන්වන්නම්. 2022 12 06 අධ්‍යක්ෂ ජනරාල්වරිය කමිටුවට කියනවා මව් සතුන් ගෙන්වා නැවත කර්මාන්තය යථා තත්වයට පත් කරන්න අවුරුද්දක් විතර යනවා. ඒ නිසා උපරිම සිල්ලර මිලක් පැනවීම කර්මාන්තයට අසීරුයි කියල. “
“වර්ෂයකට පමණ කාලයක් යනවා. නමුත් ආණ්ඩුව බිත්තර ආනයනය කරන්න ගියාම එතුමියම 2023 01 . 05 වනිදා කියනවා මව් සතුන් 31,000ක් ගේනවා ඒ නිසා ඉදිරියෙදී මිල අඩු කරන්න පුළුවන් කියල.“

“නමුත් ඇය කලින් රැස්වීමෙදී කියන්නේ මව් සතුන් 85000ක් ගේන්න කියල තිබුණත් ගෙන්වන්නේ 29000යි. මේ නිසා බිත්තර නිෂ්පාදනයේ සියයට 43ක අඩුවක් තියෙන්න පුළුවන් කියල. නමුත් ඇය මව් සතුන් 3100ක් එනම් 2000ක් වැඩි වෙද්දී කොහොමද බිත්තර නිෂපාදනය වැඩිවෙලා මිල අඩුවෙයි කියන්නේ. “

“ 2022 12. 06 2023 ඇය තවත් කතාවක් කියනවා . ඒ සත්ත්ව ආහාරවලට ගන්න බඩ ඉරිඟු එන්නේ 2023 මැද. ඒ නිසා උපරිම සිල්ලර මිල කර්මාන්තයට අවාසියි කියල. නමුත් 2023. 01. 06 වැනිදා රැස්වීමට ඇවිත් වෙනම කතාවක් කියනවා. “
“එයින් පැහැදිළිව පේන කරුණක් තමයි බිත්තර බිත්තර මිල ජනතාවට දැරිය හැකි මිලකට ලබා දෙනවා වෙනුවට මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට ලාබදායී වන ආකාරයට වැඩ කිරීම.“

මෙහිදී කෝප් කමිටුව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර දෙපාර්තමේන්තු ක්‍රියාකලාපය විවේචනය කළ අතර අධ්‍යක්ෂ ජනරාල්වරිය කිසිදු දවසක බිත්තර ගෙන්වීමට ඉඩක් නොදෙනු ඇතැයි සඳහන් කළේය.

කෙස් වුවද අවසානයේ වෙළෙඳ අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් යුත් කමිටුවකට මේ සම්බන්ධයෙන් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳව තීන්දුවක් ගෙන දැනුම් දෙන ලෙස නියෝග කළේය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණීය ලේකැටි ඇතිවීම වළක්වන ඖෂධීය ආහාර ගැන ඔබ දැනුම්වත් ද ?.

Next Post

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 … මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.