පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස අධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර ඇත.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබා දී තිබේ.
පෙත්සම යළි හෙට (15) දින කැඳවීමට නියමිතය.







