ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් බව ජයන්ත කැටගොඩ මහතා පවසයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පවසා ඇත.