පාසලේ ජල කරාමය සවි කළ කොන්ක්‍රීට් බිත්තියක් කඩා වැටී දැරියකට දිවි අහිමි කළ සිද්ධියත් සමග උරණ වූ පුද්ගලයෙකුගේ පහර කෑමට ලක් වූ එම විදුහලේ විදුහල්පතිවරයා ඇසට සිදුවූ තුවාලත් සමග කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර ඇත.
ඛේදවාචකය සිදවූ අද දිනය වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ උපන් දිනය යෙදී තිබුණු දිනය බව වාර්තා වේ. විදුහල්පතිවරයා ඒ වෙනුවෙන් දරු දරියන්ට සුළු සංග්‍රහයක් ද අද උදේ කර තිබේ.
මෙම අනපේක්ෂිත අනතුරත් සමග පාසල තුළ කලබලකාරී තත්ත්වයක් අති වී තිබේ. ඒ තත්ත්වය පාලනය කරගෙන සිසු පිරිසගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සදහා පාසලේ ප්‍රධාන ගේට්ටුව වැසීමට විදුහල්පතිවරයා කළ නියෝගයට උරණ වූ අයෙක් මෙම පහරදීම සිදුකර ඇතැයි විමර්ශන කණ්ඩායම් කියයි.
පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගෙන තිබිණි.
පාසල් විවේක කාලය තුළ අද උදේ 10.30ට පමණ වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ බැම්මක් කඩා වැටීමෙන් 1 වසරේ අධ්‍යාපනය ලබන 6 හැවිරිදි සිසුවියක් මියගොස් තවත් දරු දැරියන් 05 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබුණි. – දෙරණ