ශ්‍රියානි විජේසිංහ –
ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සියලුම සමාගම් අසාදුලේඛණ ගත කිරිමට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තීරණය කර තිබේ.
ඖෂධ ගණුදෙණුව මිනිස් ජීවිත සමග සිදුකරන්නක් වන අතර ඒ සදහා රජය වාර්ෂික රුපියල් බිලියන ගණනක් වැය කරන බැවින් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබා දීම සමාගම්වල වගකීමක් යැයිද ඇමතිවරයා පෙන්වාදේ.
ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධයන් මෙරට ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිිරීම තමාට අවශ්‍ය බවත් මින් ඉදිරියට ඖෂධවල මිල තීරණය කිරීම කමිටුවක් මගින් සිදුකළ යුතු බවත් ඇමතිවරයා පවසා සිටියි.
ඖෂධ ගෙන්වීම සදහා වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500ක මුදලක් වැය කරන බව පෙන්වා දුන් ඇමතිවරයා මීට හොදම විසඳුම අපට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම යැයිද පවසා සිටියි.
මින් ඉදිරියට ඖෂධ හිඟයක් ඇති නොවීමට නම් නිවැරදි ක්‍රමවේදයට අනුව ඖෂධ ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් අක්ෂි කාච, ස්ටෙන්ට්, සිරින්ජර් වැනි උපකරණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරින් සමග අද පැවති සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.