වයින් ස්ටෝර්ස් (බාර්) විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කවුරු විවෘත කළා දැයි තමන් දන්නේ නැති බවත් ඔහු කීවේය.
මෙසේ බාර් විවෘත කිරීමෙන් රට අනතුරකට පත් වුණු බවත් සංචරණ සීමා දමා පාලනය කරගෙන සිටි පුද්ගල ගැටීම් මේ සමග බිඳ වැටුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ කොවිඩ් පොකුරු ඇති වී රට විශාල අර්බුදයකට යන්න පුලුවන් අවස්ථාවක් නිර්මාණය වුණා. එය සෞඛ්‍ය අංශවල පාලනයකින් තොරවයි වුනේ…“
ඔහු වැඩිදුරටත් කීවේය.