වේගයෙන් පැතිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසෙන පසුගියදා මුලින්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ත වුණු කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මේ වනවිට රටවල් පහකින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව ජපානය, ඔස්ට්‍රෙලියාව , වෙනදර්ලන්තය ඩෙන්මාර්කය සහ පං්‍රශය යන රටවලින් රෝගීන් හමුවී ඇත. මෙම රෝගීන් සියලු දෙනාම ලන්ඩනයේ සිට එම රටවලට ගිය අය වෙති.
මෙයින් වැඩිම ප්‍රමානයක් ජපානයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 05කි. අවසන් වරට විදේශ රටකින් මෙම රෝගියා වාර්තා වූයේ ප්‍රංහයෙන් බව බී.බීසී පුවත් සේවය සඳහන් කරයි.
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන මෙම පුද්ගලයා පසුගිය දෙසැම්බර් 19 වැනිදා ලන්ඩනයේ සිට පැමිණි පුද්ගලයකු බව ප්‍රංශ සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.
ඔහු රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකු බැවින් සිය නිවස තුළ හුදකලා කර ඇති අතර එවැනි රෝග ආසාදිතයන් තවදුරටත් සිටීද යන්න පිඝළිබඳව ප්‍රංශයේ සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි.
පසුගියදා බ්‍රිතාන්‍යෙයන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳව අනාවරණය වීමෙන් පසුව බොහෝ රටවල් ලන්ඩන් සිට ගුවන් සේවා නතර කිරීමට කටයුතු කළේය.
ප්‍රංශය ද තම සියලු දේශ සීමා වසා දැමුවද පසුගිය 24 වැනිදා යළි ඒවා විවෘත කිරීමට කටයුතු කළේ රෝග ආසාදිතයින් නොවන බවට තහවුරු කර ගත් අයට ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙමිනි.
කෙසේ වුවද එංගලන්තයේ සිට ප්‍රංශයට ඇතුළු වීමේ සිදුවූ තදබදය හේතුවෙන් ප්‍රංශයට එන්නට බලාපොරොත්තුවෙන් සිටි ලොරි රථ රියදුරන්ට ඊයේ නත්තල් දිනය දවසම සිය වාහනවලට වී ගත නිරීමට සිදුවී ඇති බවද බීබීසී පුවත් සේවය පවසයි.