අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා අතින් නිරුවත් වුන ලංකාවේ මැතිවරණ කොමිසම!

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජිත් කීර්ති තෙන්නකෝන් –

  • ඩයනාට උප්පැන්න දෙකකි. හැඳුනුම්පත් දෙකකි. ගුවන් ගමන් බලපත්‍ර හතරකි. නම් තුනකි. විමල් වීරවංශට දෙක බැගින් වූ සහතික ඩයනාට තුන හතර බැගිනි. බ්‍රිතාන්‍ය පුරවැසියෙක් ලෙස නීති විරෝධීව රටේ රැඳී හිඳිමින් ව්‍යාජ ලේඛන යොදාගෙන රාජ්‍යයම අන්දවා රටේ පාර්ලිමේන්තුවට ගොස් රාජ්‍ය ඇමතිකම් කරන ඩයනා ගමගේ මේ රටේ සමස්ථ යාන්ත්‍රණයේ  නපුංසකභාවය සම්බන්ධව හෙළි දරව් කරන්නීය.  මේ ඒ පිළිබඳව කරන හෙළිදරව්වකි.

ඩයනා ගමගේ ගේ සිද්ධිය මැතිවරණ කොමිසම, පුද්ගලයින් ලියාපදිංචි කිරිම, දේශපාලනය, සිවිල් සංවිධාන හා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය එළිපිටම ප්‍රශ්න කරන තැනකට රට යොමු කර ඇත. 

ද්විත්ව පුරවැසියන් ගැන නිවේදන නිකුත් කරන, වොයිස් කට් දෙන කිසිදු පාර්ශවයක් තවම ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහීමි කිරිම සඳහා අභියාචනාධිකරණයේ නඩු පවරා නැත.

අපරාධමය වැරදි ගණනාවක් සිදු කර ඇතැයි තහවුරු වී ඇති මන්ත්‍රීවරියක පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට උත්සුක නොවන්නේ ඇයි?

ඩයනාට උප්පැන්න දෙකක්, ගුවන් බලපත් හතරක්, හැඳුණුම්පත් දෙකක්, නම් තුනක් ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.  විමල් වීරවංශට දෙක බැගින් තිබුණු සහතික ඩයනාට තුන හතර බැගින් ඇත. නමුත්, විමල් ගේ කතාවේ අවධානයෙන් භාගයක් ඩයනා ට නැත.

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා, 2014 දී විසා නොමැතිව රටේ සිටි බැවින්  නීතියට අනුව, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ද්විත්ව පුරවැසියන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි රටක, මෙරට පුරවැසි බව හෝ නැති තැනැත්තියක පක්ෂ ලේකම් ධූරයක් දරා ඇත්තේ ද, ඡන්ද පොතට නම ඇතුළත් කර ගෙන ඇත්තේ ද, නාම යෝජනා අත්සන් කර ඇත්තේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී ඇත්තේ ද කූඨ ලේඛන හා මඟිනි.

මේ සමස්ථ ක්‍රියාවලියම මැතිවරණ කොමිසමේ වත්මන් නිලධාරීන්ගේ අනුදැණුම හා රැකවරණය මත සිදුවූ අපහරණයකි. දුෂණයකි. වංචාවකි.

ඕෂල හේරත් විසින් සිදු කරනු ලැබූ පැමිනිල්ලකට අනුව ඩයනා ගේ ව්‍යාජ පාස්පෝට්, හැඳුණුම්පත්, උප්පැන්න සහතික ගැන රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය. රහස් පොලිස් අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා මාරුකර යවමින් ගෝඨාභය පාලනය ඩයනා රැකගත්තේය.

ඩයනා ගමගේ ලංකා දේශපාලනයේ චරිතයක් බවට පත්වන්නේ එජාපය දෙකඩ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසූ   අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරිය ලෙසිනි.  එහි සභාපති ඩයනා ගේ ස්වාමි පුරුෂයා 2010 ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ගේ පෞද්ගලික ලේකම්වරයා වූ සේනක පෙරේරා ය. (සැමියා සහ බිරිඳ සභාපති – ලේකම් තනතුරු දරන පක්ෂ ද අපේ රටේ ලියාපදිංචි කර ඇත!)

2019 ජනාධිපතිවරණයේ පරාජය පක්ෂය කැඩී යාමට පරිසරය සැකසීය.  සජිත් ප්‍රේමදාගේ මැතිවරණ ව්‍යාපාරයේ බර දැරූ බහුතරයක් එජාපය කැඩී බෙදී යාමකට කැමති වූවේ නැත. මහා මැතිවරණයට තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස ට ප්‍රශ්නයක් ඇති නම් තමන්ගේ පක්ෂය (කෙසෙල් ඇවරිය) එයට ලබා දිය හැකි නමුත්, එජාපය කැඩී වෙන්වී නොයා යුතු බව මෛත්‍රී ගුණරත්න පැවසීය. පක්ෂය රැකගෙන ශක්තිමත් විපක්ෂයක් සදා ගැනීමේ වැදගත්කම මම පුද්ගලිකව මේ පාර්ශව දෙක වෙතම අවධාරණය කළෙමි.

ඩයනා ගමගේ අපේ ජාතික පෙරමුණ පක්ෂය රැගෙන, සජිත්වාදී කණ්ඩායම හමුවන්නේ මේ අවස්ථාවේ දී ය.  ඩයනාගේ ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ නිලධාරි මණ්ඩලය සහ නම වෙනස් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත 2022.02.03 දින අයඳුම්පතක් කළේය.

2020.02.06 දිනට (පෙර දාතම කළ ලිපියකින්) සජිත් ප්‍රේමදාස පක්ෂයේ සභාපති ලෙසත්, ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර පක්ෂයේ ලේකම් ලෙසත් පත් කර,  අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම සමගි ජනබලවේගය ලෙස වෙනස් කිරීම සිදු විය.

අපේ ජාතික පෙරමුණේ  පක්ෂ ව්‍යවස්ථාවේ 22 (II) වගන්තිය අනුව, වෙනත් පක්ෂය සාමාජිකයෙකුට එහි සාමාජිකත්වය දැරිය නොහැකිය.  ‘22 වගන්තිය නොසලකා හැර’ යන කොටස මැතිවරණ කොමිසමේ ලිපියට ඇතුළත් කළේ එම බාධකය මගහැරවීම පිණිසය. අපේ ජාතික පෙරමුණේ කිසිදු ලේඛනයක මේ ඉල්ලීම නැත.

එජාපය දෙකඩ විය.  ලංකා ඉතිහාසයේ වැඩිම වේගයෙන් නිලධාරි සහ පක්ෂ නාමය වෙනස් කළ පක්ෂය වාර්තා තබමින් සජබ බිහිවිය.  සජබ බිහිවූවේ පෙබරවාරි 6 නොව, පෙබරවාරි 9 දින පෙර දාතම කළ ලිපියකිනි. ලිපිය නිකුත් කරන විට සභාපති මහින්ද දේශප්‍රිය ඩුබායි ය. නලීන් අබේසේකර ලන්ඩන් ය. රත්නජීවන් හූල් යාපනයේ ය.  මහින්ද දේශප්‍රිය ගේ අත්සන නැතිව පක්ෂ නාමයක් සහ නිලධාරි මණ්ඩලයක් වෙනස් වූ පළමු හා එකම අවස්ථාව සජබ බිහිකිරීමේ අවස්ථාව විය.

එම කටයුතු සකසා දුන්නේ, එවකට නීති අධ්‍යක්ෂ වූ, වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විසිනි.  ලිපියට අත්සන් තැබූවේ කොමිසමේ ලේකම් හේරත් නොව, කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක යි.

සජබ බිහි කිරීමට අදාල මැතිවරණ කොමිසමේ ලේඛන නිමල් පුංචිහේවා විසින් සකස් කර ඇත්තේ 2020 පෙබරවාරි 18 දින යි. එයට කොමිසන් සභාවේ නිල අනුමැතිය ලැබී ඇත්තේ 2020 පෙබරවාරි 26 දින යි.

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ රජයට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා ගැනීමට හේතු වූ එජාපය දෙකඩ කිරීමේ ක්ෂණික පක්ෂ ලියාපදිංචිය ඩයනාට අගය එකතු කළ මෙහෙයුමයි. එජාපය කැඩී නොගියා නම් කිසිම විටෙක පාර්ලිමේන්තුවේ  2/3 ක් ගෝඨාභය පාලනයට ලැබෙන්නේ හෝ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන්නේ හෝ නැත.

නිමල් පුංචිහේවා මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත්වන්නේ ද, මේ මෙහෙයුමේ දී ඔහු ගේ භුමිකාව නිසාය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව ව්‍යවස්ථා සභාව පිහිටුවා කොමිෂන් සභා 7 කට නව සමාජිකයින් පත් කළ යුතුය.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා තවදුරටත් කොමිසමේ සභාපතිවරයා ලෙස තබා ගත යුතු බව කියයි. සුවිශේෂී ඡන්ද දුෂණයකට සෘජු දායකත්ව සැපයූවෙකු වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින්නේ ඩයනාගේ තුන් කොන ගැට ගැසූ විලක්කු බඹරය නිසා ය.

ඩයනාගේ ප්‍රශ්නය, රටේ මැතිවරණ ක්‍රමය, මැතිවරණ කොමිසමේ භුමිකාව පිළිබඳ ගැටලුවකි.  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුවකි.  කිසිවෙකුත් මේ තිත්ත ඇත්ත අධිකරණයක ප්‍රශ්න කරන්නට සුදානම් නැත.

ඩයනා රටින් පනින්නට හදන එක වැලැක්වූවේ, නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසාය.  ඩයනා ඉවත් කර ගැනීමට සැබෑ උවමනාවක් තිබිය යුත්තේ සජබට ය.  සිදු නොවන්නේ ද එයම ය.

අභියාචනාධිකරණයේ ඩයනාගේ මන්ත්‍රී ධූරය පිළිබඳ නඩුව විභාගයට ගැනෙන තෙක් ඇය මෙරට රඳවා තබා ගැනීමට පියවර ගත යුතුව ඇත. ආගමන විගමන නීතියට අනුව නම්, ඇය වහා රටින් පිටුවහල් කළ යුතුව ඇත.

අපි ඡන්ද කරන්නේ මෙවැනි (ස්වාධීන) කොමිෂන් සභා එක්කය.  විපක්ෂය කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් නොකර තවදුරටත් තබා ගත යුතු බවකි.

අනේ කාලේ, වනේ වාසේ ලූ!.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩයනා ගමගේ නීති විරෝධීව ලංකාව තුළ රැඳී ඉන්න බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව අධිකරණයේ දී හෙළි වෙයි!

Next Post

සිසුවෙකුගේ හිසට අමානුෂික ලෙස පහර දුන් නැටුම් ගුරුවරයා අත්අඩංගුවට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.