ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර උග්‍රවන උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ, ජෝ බයිඩන් පරිපාලනයේ මානව හිමිකම් පිළිබඳ ඉහළම නිලධාරියා වන උස්රා සීයා ජාතික ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ හමුවී තිබේ.
මෙම හමුවීමට සිය දැඩි අප්‍රසාදය එක්සත් ජනපදය වෙත පළකර ඇති අතර එය දෙරට අතර මේවන විටත් පවතින උණුසුම් තත්ත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. බීජි පාලය විසින් මෙම හමුවට සිය දැඩි ලෙස විරෝධය පළ කරමින්, ටිබෙටයට අදාළ ප්‍රශ්න මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නවත්වන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලීමක්ද කිරීමට පියවරගෙන තිබිණි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක වැන්ග් ෂියාඕජියන් කියා සිටියේ, ටිබෙටය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට එක්සත් ජනපදය කටයුතු කළයතු බවත් ටිබෙය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම එක්සත් ජනපදය නැවැත්විය යුතු බවත්ය.
එමෙන්ම චීනය තුල බෙදුම්වාදී අදහස් ගෙනයන පිිරිස් හට එක්සත් ජනපදය විසින් සහය පළකිරීමෙන් වැලකී සිටිය යුතු බවද තානාපතිවරයා එහිදී සිහිපත් කළේය. මේ අතර ටිබෙටයේ කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු බාහිර බලවේගයකට මැදිහත් වීමට අයිතියක් නැති බවද ඔහු පෙන්වා දුන්නේය. විදේශ නිලධාරීන් සහ ‘ටිබෙට් ස්වාධීන’ හමුදාවන් අතර ඕනෑම ආකාරයක සම්බන්ධතාවලට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
චීනය ටිබෙටය සිය භූමියේ කොටසක් ලෙස සලකන අතර ඊට විරෝධය පළකරන පිරිස් සහ දළයි ලාමා වහන්සේ චීනයේ සතුරෙකු බවටද සලකනු ලබයි.







