බදුයුර්දීන් නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී මිය ගිය ඩයගම පදිංචිව සිටි දහසය හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඊයේ (26) සිට පොලිස් ආරක්ෂාව දමා ඇතැයි වාර්තා වේ.
මියගිය දැරියගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් සමඟ ඩයගම වත්ත පොදු සුසාන භූමියට මෙසේ පොලිස් ආරක්ෂාව දමා තිබේ.
අද (27) පස්වරුවේ ගොඩ ගැනීමට නියමිතව තිබිණි.