බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ ධනුෂ්ක ගුණතිලක හා ධනංජය ද සිල්වා අසමත් වී ඇතැයි වාර්තා වේ.
මේ අසමත්වීම පිළිබඳ වාර්තා වන්නේ බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබියදීය.
මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීමත් සමග ධනංජය ද සිල්වාට හා ධනුෂ්ක ගුණතිලකට නැවත පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් සමත් වුවහොත් පමණක් එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි ඇතැයි වාර්තා වේ.