අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලියන්ට ලැබුනු ලන්දේසි නැව් ගුටි….

by editor
ඔක්තෝබර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්ත  ඔස්ට්‍රේලියා තරගය ඊයේ (28) දිවා කාලයේ ධර්මශාලා හි පැවැත්වෙන විට දිවා රාත්‍රී තරගය ලෙස   ඊඩන් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ බංගලාදේශය සමග නෙදර්ලන්තය තරග වැදුනේය.

ක්‍රිකට් සම්බන්ධව පුරෝකථනය කරන්වුන් මේ තරගය ගැන අමුතුවෙන් හිතන්නේ නැත. ජාත්‍යාන්තර අත්දැකීම්, පළපුරුදු ක්‍රීඩකයන්, ඔවුන්ගේ කුසලතා ඇගයීමෙන් කරන පුරෝකථන කීවේ බංගලාදේශය මේ තරගයේ ජයග්‍රහණය ලබනු ඇති බවය.

එහෙත් බගංලාදේශය නෙදර්ලන්තයට ලකුණු 87කින් විලි ලජ්ජා නැති ලෙස පැරදුනේය.

ශකීබ් අල් හසන්… තරගය අතර මැද…

නෙදර්ලන්තය මේ තරගාවලියේ සිදුවූ විශිෂ්ට පෙරළිය සිදු කළ කණ්ඩායම ය. ඔවුහු  මේ තරගාවලියේ ශූරයන් වනු ඇතැයි අනුමාන කළ හැකි දකුණු අප්‍රිකාව පසුගිය 17 වැනිදා පැරදුවේය.  එමෙන්ම ඔස්ට්‍රේලියාව හමුවේ පසුගිය 24 වැනිදා  ලකුණු  309කින් වාර්තා ගත ලෙස පැරදුනේය. අද බංගලාදේශයට එරෙහිව ලකුණු 87කින් ජය ගත්තේය.

කාසියේ වාසිය ලැබුවේ නෙදර්ලන්ත ය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. එය නිවැරදි තේරීමක්  දැයි සිතිනි.  මුළු  ලකුණු 04ක් වනවිට නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙපළම  ක්‍රීඩා ගාරයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නායක ස්කොට් එඩ්වර්ඩ්

එහෙත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නායක ස්කොට් එඩ්වර්ඩ් බිඳවැටෙන ඉනිම ශක්තිමත් කරමින් පන්දු 89ක දි ලකුණු 68ක් රැස් කළේය. වෙස්ලි බෙරිස් පන්දු 41 දී ලකුණු 41, පසුපෙළ ක්‍රීඩක සිබ්‍රන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් ලකුණු 35ක්, ලොගන් වෑන් බීක් නොදැවී ලකුණු 23ක් ලැබුවේය.  පන්දු ඕවර 50 තුළ නෙදර්ලන්තය ලබා ගත්තේ ලකුණු 229කි. ෂොරිෆුල්  ඉස්ලාම්, ටස්කින් අහමඩ්, මුස්ටාෆසුර් රහ්මාන්, මේදි හසන් කඩුළු 02 බැගින් ලැබූහ.

එය හඹා යෑමට පහසු සේ පෙනෙන ඉලක්කයකි. බංගලාදේශ කණ්ඩායම හිටියේ ජයග්‍රහණය පිළිබඳ නිසැක බලාපොරොත්තුවකය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශයට මුහුණ දෙන්නට සිදුවන්නේ නොසිතන ප්‍රහාරයකටය. නෙදර්ලන්ත පන්දු යවන්නෝ කදිම වෘත්තීමය ක්‍රීඩා විලාශයක් ප්‍රකට කළහ. බංගලාදේශ පිතිකරුවන් තණ තීරුව මැද අන්දමන්දවන ආකාරය පෙනුණි.  පෙරහර යන්නාක් සේ කඩුළු බිඳ වැටුනේය.  ආරම්භක පිතිකරු ලින්ටන් දාස් ලකුණු 03කි. ටෙන්සිඩ් හසන් ලකුණු 15කි. නජිබුල් හොසෙන් සැන්ටො ලකුණු 09කි.  නායක ෂකිබ් අල් හසන් ලකුණු 05කි. අත්දැකීම් සපිරි කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහිම් එක් ලකුණකි.

යම් තරමකට හෝ සාර්ථක වූයේ  මේදි හසන් මිරාස් පමණි. ඔහු ලකුණු  35ක් ලැබුවේය. ඒ හතරේ පහර 05ක් සහ හයේ පහරක් සමගිනි. ඔහු ඊට පන්දු 40ක් වැය කළේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 20 සීමාව ඉක්මවා ගියේ නැත.

පෝල් වෑන් මීකෙරේන් ලකුණු 23ට වාර්තාගත කඩුළු 04ක්…

නෙදර්ලන්තය වෙනුවෙන් විශිෂට පන්දු යැවීම දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක පෝල් වෑන් මීකෙරේන් වාර්තා විය. ඔහු ලකුණු 23කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. බස් ඩි ලීඩ් ලකුණු 25ට කඩුළු 02් ද, ආර්යන් දත්, ලෝගන් වෑන් බීක්, කොලින් ඇකර්මන්  කඩුල්ල බැගින් බිඳ හෙළුහ. නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය ඔවුන් ලබා දුන් අතිරේක ලකුණු ප්‍රමාණයෙන් පැහැදිලි විය.  තරගයටම ඔවුන් ලබා දුන්නේ අතිරේක ලකුණු 06ක් පමණි.

බලාපොරොත්තු රහිත ලෙස  බංගලාදේශ පන්දු ඕවර 42.2කින්  ලකුණු 142කට බිඳ වැටුනේය. එය මෑත ඉතිහාසයේ බංගලාදේශ කණ්ඩායම ඉගෙනගත් වේදනාත්මකම ක්‍රිකට් පාඩම බව කිව යුතුව ඇත. අධි තක්සේරුවෙන් මිදී තමන්ගේ ස්ථානය  කුමක් දැයි නිදහසේ තෝරා ගන්නට දැන් බංගලාදේශ කණ්ඩායමට අවකාශය ලැබි ඇත.

සුපිරි ජය…..

දැන්  ප්‍රසාද ලකුණු සටහනේ අන්තිමයා ලෝක ශූර එංගලන්තය ය. බංගාදේශය 09 වැනි තැනය. නෙදර්ලන්ත කණ්ඩායම 08වන ස්ථානයෙත් ඇෆ්ගනිස්ථානය 07වන තැනත් පසුවේ.  අප   ප්‍රසාද ලකුණු සටහනේ 05වන තැනය. අපට පහලින් පකිස්ථානය ය.

අද පැවැත්වෙන එංගලන්ත ඉන්දියා තරගය එංගලන්තයට තවත් බිහිසුනු අත්දැකීමක් නොවුනහොත් ප්‍රසාද ලකුණු සටහන කුහුල දනවන ලෙස වෙනස් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අග්බෝට ආයෙත් වෙඩි තියලා… දැන් වැළලෙන්නට යන්නේ නැතිව ඇත්ත උත්තරය හොයන්න…

Next Post

වාර්තාගත සිවුවන වරටත් රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.