ශ්‍රියානි විජේසිංහ –
සමස්ථ වෛද්‍ය ප්‍රජාවෙන් දශමයක්වත් නියෝජනය නොකරන අටවා ගත් වෘත්තීය සමිතියක නායකයෙකු ලෙස වසර 15ක් පුරා කටයුතු කළ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා දැන් ක්‍රියා කළ යුත්තේ බංකොලොත් වෘත්තීය සමිති නායකයෙක් ලෙස නොව, වගකීම් සහිත දේශපාලකයෙක් ලෙසින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරි සම්බන්ධයෙන් තවමත් නිසි අවබෝධයක් නැති නියෝජ්‍ය ඇමතිවරයා ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමත් ගැලවී ඇති බැවින් ඉතිරි නියෝජය ඇමති ධූරය හෝ ආරක්ෂා කරගැනීමට මීට වඩා වගකීම් සහිත විය යුතු බව ද රජයේ නිලධාරීන්ගේ සංගමය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජයමුණිට දැනුම් දෙයි.
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්රමවේයද වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ පරිගණක ක්‍රමයක් හරහා බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරන නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වසර 2018 දී බවත් මෙම ක්‍රමය සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ගොඩ නැගූවක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නිල කාමරයක් තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළද එලෙස නිල කාමරයක් අප සංගමයට නොමැති බවත් ඇත්තේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලය රැස්වන කාමරය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩල රැස්වීමට සහභාගි විය හැක්කේ වෛද්‍යවරුන් සමස්ථයෙන් සියයට 15ට වැඩියෙන් නියෝජනය වන වෘත්තීය සමිතියකට පමණක් බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදුවෙන්නේ මොනවාද , ඉන්නේ කවුද, කාමර තියෙන්නේ මොනවද, කාර්යාල ඇත්තේ කාටද, ඒ කාර්යාල භාවිතා කරන්නේ මොනවාටද යන්න වසරක පමණ කාලයක සිට නියෝජ්‍ය ඇමති තනතුරු දැරුවත් නියෝජ්‍ය ඇමතිවරයාට අවබෝධයක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ගැලවුණත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිකම තාමත් ඉතිරි වී තිබෙන බැවින් දැන් වැඩ කළ යුත්තේ වසර 15ක් පුරා බංකොලොත් වුණ වෘත්තීය සමිති නිලධාරීයෙක් ලෙස නොව පරිනත දේශපාලනඥයෙකු ලෙස යැයි ලේකම්වරයා ප්‍රකාශ කරයි.
“දැන් ඔහු දේශපානඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් , ජනතා නියෝජිතයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස බරපතල වගකීම් විශාල ප්‍රමාණයක් තිබෙන පුද්ගලයෙක්. ඒ බව ඔහු අමතක නොකළ යුතුයි… රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට අවධාරණයෙන් කියා සිටී.







