කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්වීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති කඩකිරීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ පත්කිරීම 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති වල 17වන රීතිය කඩ කිරීමක් බවයි.
මාරපන මහතා එකී ධූරය භාර ගතහොත් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව හෙතෙම සිය ලිපිය ඔස්සේ ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කළ බවට ඊයේ රජය නිවේදනය කළේය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.