බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝට් සිටියෙ ෆොටෝ ෂූට් එකක් තිස් දාහෙන් උඩ… ගෙවීම් “බෑන්ක් ඔෆ් චයිනා“ බැංකුවට…

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පෝට් සිටි පරිශ්‍රයේ වෘත්තීය මට්ටමේ ඡායාරූප සහ වීඩියෝ රූගත කිරීම් සඳහා අවම වශයෙන් රුපියල් තිස් දහසේ සිට රුපියල් ලක්ෂයද ඉක්මවා මුදල් අය කිරීමටත් එම ගෙවීම් බෑන්ක් ඔෆ් චයිනා බැංකුවට ගෙවිය යුතු බවට නිර්දේශ කිරීමටත්  වරාය නගරය කළමනාකරණය කරන චීන සමාගම පියවර ගෙන ඇත.

මෙම අය කිරීම් දැනට විවෘතව ඇති මහජන ගැලරිය පරිශ්‍රයේ සෙල්ෆි ඡායාරූප හො වීඩියෝ ගත කිරීම් සහා අදාළ නොවුවද වෘත්තීය මට්ටමේ කැමරා උපකරණ රැගෙන එන්නේ නම් ඔවුන්ගෙන් මෙම මුදල අය කිරීමට තීරණය කර ඇතයි පෝට් සිටි සමාගමේ මහජන සම්බන්ධතා  අංශ ප්‍රධානී කස්සප සෙනරත්  ඩේලි මිරර් පුත් පත වෙත ප්‍රකාශ කර තිබේ.

පෝට් සිටි කලම්බු විසින් හඳුන්වා දුන් ගෙවීම් පත්‍රිකාවක් ඊයේ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හුවමාරු වූ අතර එහි සඳහන් වූයේ පුද්ගලික භාවිතය සඳහා වෘත්තීය ඡායාරූප සහ වීඩියෝ ගැනීමට අවශ්‍ය නම් රුපියල් 30,000 ත් 50,000 ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බවයි.

වාණිජ අරමුණු වෙනුවෙන් සිදු කරන ඡායාරූප ගත කිරීම් සහ වීඩියෝගත කිරීම් සඳහා දැඩි ඉල්ලුමක් පවතනි තත්වයක් නිරීක්ෂණය කළ බවත් තව දුරටත් ඉදිරි කිරීම් කටයතු සිදු කරනවන තත්ත්වයක් තුළ මෙහි එවැනි කටයතු සිදු කිරීමේ දී සේවකයන්ටත් පැමිණෙන්නන්ටත් බාධා සහ අනතුරු දායක තත්ත්ව ඇති විය හැකි බැවැන් මෙලෙස ගාසතුවක් පැනවීමට කටයුතු කළ බවත්  එහිදී කස්සප සෙනරත්   ප්‍රකාශ කර ඇත

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

‘පුද්ගලික’ ගෙවීමේ පත්‍රිකාවට අනුව, රූගත කිරීම් සඳහා පැය තුනක කාලයක් සඳහා පුද්ගලයින් 2 සිට 5 දක්වා පුද්ගලයින් සම්බන්ධ වුවහොත්, රුපියල් 30,000 ක මුදලක් අය කරනු ලබන අතර 6 සිට 10 දක්වා පුද්ගලයින් සිටී නම්, එම කාලය සඳහා  මුදල රුපියල් 50,000 ක් වනු ඇත.

වාණිජමය අරමුණු සඳහා ඡායාරූප හෝ වීඩියෝගත කිරීම් සිදුකරන්නේ නම්  එකම කාලසීමාව සඳහා ඡායාරූප හෝ වීඩියෝ රූගත කිරීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 10 දෙනෙකුට වඩා අඩු නම්, රුපියල් 100,000 ක මුදලක් අය කෙරෙනු ඇත. තවද එම කාල සීමාව සඳහා පුද්ගලයන් 10 දෙනෙකුට වඩා වැඩි නම්, අය කරන ලද මුදල වෙනස් විය හැකි බව පවසන පෝට් සිටි කලමනාකාරීත්වය එම මුදල් බෑන්ක් ඔෆ් චයිනා බැංකුව වෙත ගෙවය යුත බවද දන්වා ඇත.

පෝට් සිටි කොළඹ මහජන ගැලරිය පසුගියදා විවෘත කළ අවස්ථාවේදී සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, සංගීතඥයන් සහ සමාගම් පවා සිය නිෂ්පාදන සහ වීඩියෝ රූගත කිරීම සඳහා වෘත්තීය කැමරා උපකරණ රැගෙන එම පරිශ්‍රයට පැමිණි බොහෝ දෙනෙක් සිටි බව ඔහු පැවසීය. එය අලුතින් විවෘත කරන ලද පෝට් සිටි පරිශ්‍රයේ ප්‍රවර්ධන කටයුත්තක් බවට ද ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පැමිණ තිබුණි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින්  කස්සප   ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශ කොට ඇත්තේ පෝට් සිටි තවමත් ඉදිකිරීම් ස්ථානයක් බැවින්, සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු අතර, ජනතාවගේ ආරක්ෂාව පවත්වා ගත යුතු බැවින්, වැඩබිමේ සිටින සේවකයින්ට මෙම ඡායාරූපකරණ කටයුතු  බාධාවක් බවයි.

“සමහර අය විශාල උපකරණ පවා අරගෙන ආවා ඒ නිසා අපි එදා තීරණය කළා ඕනෑම කෙනෙකුට තම වෘත්තීය කටයුතු සඳහා පරිශ්‍රය භාවිතා කර ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය නම් ගාස්තුවක් අය කරන බව. එය ලාභ ලැබීමට නොව  පෝට් සිටි තවමත් ඉදිකිරීම් ස්ථානයක් ලෙස පවතින සම්මුති  සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැක ගැනීමට කරන උපක්‍රමයක් ලෙසයි.“ ඔහු පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා යෞවනයන් අපරාජිතව ලෝක කුසලානයේ අර්ධ අවසන්පූර්ව වටයට…

Next Post

සපුගස්කන්දේ දැවි තෙල් ඉවරයි… අද විදුලිය කැපෙයි ද?.

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.